පන්ති ගියපු දරුවා අතුරුදහන් - බිය වූ නීතිඥ පියාගෙන් පැමිණිල්ලක්
පෞද්ගලික උපකාරක පංතියට සහභාගි වීමට ඊයේ (26) දින පස්වරුවේ නිවසින් ගිය ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණයේ සේවයේ නියුතු නීතිඥවරයෙකුගේ පුතෙකු අතුරුදහන් වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කළ බව ත්‍රිකුණාමල වරාය පොලිසිය සඳහන් කරයි.
ඒ අනුව මෙසේ අතුරුදහන් වී ඇත්තේ ත්‍රිකුණාමලය උසාවිය පාරේ 17 හැවිරිදි දරුවෙක් බව සඳහන්.
තම පුතා උපකාරක පන්තියකට නිවසින් ගිය බවත් නැවත නොපැමිණිම සම්බන්ධවත් නීතිඥවරයකු වන පියා මේ සම්බන්ධයෙන් වරාය පොලිසියට පැමිණිල්ලක් සිදු කර තිබෙනවා.
මේ අතර අතුරුදහන් වූ අයගේ පාපැදිය සහ සටහන් පොත් මැකේහෙයිසර් ක්‍රීඩාංගනයේ පිටුපස තිබියදී සොයාගෙන ඇති බව පොලීසිය පැවසුවා.