රෝගීන් 30,228ක් හොයා ගද්දි මරණ 16ක් වාර්තා වෙයි, දිවයිනේ ස්ථාන රැසකට රතු නිවේදන

Report

ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ විශේෂඥ වෛද්‍ය ප්‍රශිලා සමරවීර මහත්මිය විසින් ඉකුත් සතියේ ආරම්භ කරන ලද ජාතික මදුරු මර්දන සතියේදී රට පුරා ස්ථාන 144,250ක් පරීක්ෂාවට භාජනය කළ බව ප්‍රකාශ කරයි.

ඒ අනුව විශේෂඥ වෛද්‍යවරිය මේ බව කියා සිටියේ එම සතියේ ක්‍රියාත්මක කරන ලද ජාතික මදුරු මර්දන සතියේ මුළු ක්‍රියාකාරකම්වල ප්‍රගතිය පිළිබඳව අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

විද්‍යුත් ජාතික හැඳුනුම්පත් ගැන විශේෂ නිවේදනයක්

විද්‍යුත් ජාතික හැඳුනුම්පත් ගැන විශේෂ නිවේදනයක්

එම අවස්ථාවේදී අඳාළ සතිය තුළදී මදුරුවන් බෝවිය හැකි ස්ථාන 35,495ක්ද හඳුනාගත් බව ඇය දක්වයි.

එසේම මදුරු කීටයින් සහිතව පරීශ්‍ර 4,275ක් හඳුනාගත් බවත් එහිදී රතු නිවේදන 3,812ක් සහ නීතිමය ක්‍රියාමාර්ග 982ක්ද ගනු ලැබූ බවත් පවසා ඇත.

මේ අතර මෙම මදුරු මර්දන සතියේදී පාසල්, රජයේ ආයතන, කර්මාන්ත ශාලා වැඩබිම්, ආගමික ස්ථාන මදුරුවන් බෝ විය හැකි අවදානම් ස්ථාන වශයෙන් හඳුනාගෙන ැති බවද සඳහන්.

ඒ අනුව පාසල් පරිශ්‍ර 400ක් නිරීක්ෂණය කළ බවත් එහිදී පාසල් 226 ක් මදුරුවන් බෝ විය හැකි ස්ථාන වශයෙන් හඳුනාගෙන ඇති බවත් පවසයි.

කාලගුණ දෙපාර්තමේන්තුවෙන් දැඩි අනතුරු ඇඟවීමක්

කාලගුණ දෙපාර්තමේන්තුවෙන් දැඩි අනතුරු ඇඟවීමක්

ඊට අමතරව ජාතික මදුරු මර්දන සතියේදී නිවාස 131,789ක් පරීක්ෂා කළ බවත් 31,967ක මදුරුවන් බෝ විය හැකි ස්ථාන වශයෙන් හඳුනා ගෙන ඇති බවත් විශේෂඥ වෛද්‍යවරිය සඳහන් කරයි.

තවද රජයේ ආයතන 955ක් පරීක්ෂා කිරීමෙන් පසු ඉන් 292ක මදුරු කීටයින් බෝ විය හැකි ස්ථාන වශයෙන් හඳුනාගෙන ඇති බවත් ඇය දන්වයි.

එසේම මේ වන විට රට පුරා ඩෙංගු රෝගීන් 30,228ක් සහ මරණ 16ක්ද වාර්තා වූ බවද විෂේශඥ වෛද්‍යවරිය මෙහිදී හෙළි කර තිබෙනවා.

ඒ අනුව බස්නාහිර, සබරගමුව, දකුණ සහ නැගෙනහිර පළාත්වල මෙම ඩෙංගු රෝගීන් වැඩියෙන් වාර්තා වූ බවටත් ඇය අදහස් දක්වා ඇත.  

දරුවෙක් ලැබෙන්න ඉන්න අම්මෙක්ට මෙහෙමත් කියනවද? තිසර පෙරේරාගේ බිරිදට පළමු බිරිද කියන කතා

දරුවෙක් ලැබෙන්න ඉන්න අම්මෙක්ට මෙහෙමත් කියනවද? තිසර පෙරේරාගේ බිරිදට පළමු බිරිද කියන කතා