අනවසර සංක්‍රමණිකයින් 116ක් රට තුළ - තවත් ලක්ෂයක් රටට ඇතුළුවීමේ අවදානමක් ගැන රාජ්‍ය ඇමතිගෙන් ප්‍රකාශයක්.
මියන්මාරයෙන් අනවසර සංක්‍රමණිකයින් 116ක් රට තුළට පැමිණ ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පාර්ලිමේන්තු සැසිවාරය අමතමින් ප්‍රකාශ කළා.
එහිදී අමාත්‍යවරයා සඳහන්කර සිටියේ මේ පිළිබඳව විමර්ශන ආරම්භ කර ඇති බවයි.
"මියන්මාරයේ අනවසර සංක්‍රමණිකයන් 116ක් රටට ඇතුළු වෙලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරමින් පවතිනවා. මේ වෙනකොට පොලිසිය ලබා ගත් විමර්ශන ආශ්‍රයෙන් ඔවුන් මුදල් ගෙවලා තමයි මේ ජාවාරමට සම්බන්ධ වෙලා තියෙන්නේ. මේ වෙනකොට ඔවුන් එරට මුදලින් ලක්ෂ 500ක් පමණ ගෙවලා තියෙනවා. ඊට අමතරව මේ ගමනාගමනය සඳහා රටේ මුදලින් ලක්ෂ 800ක් පමණ ඒ සංවිධායකවරුන්ට ගෙවලා තියෙනවා. මේ සම්බන්ධයෙන් පොලීසියෙන් විමර්ශනයක් කරගෙන යනවා ඔවුන් සරණාගතයින් ලෙස හඳුනාගන්නේ නම් ඒ අනුව කටයුතු කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ජාත්‍යන්තර නීතියට අනුව කටයුතු කරන්නත් අපි සූදානම්. ඒ වගේම මේ වෙනකොට ඔවුන්ට අවශ්‍ය පහසුකම් කෑම බීම ආගමන විගමන දෙපාර්තමේන්තුව හරහා අපි දීලා තියෙනවා. දැනට පොලීසිය පවත්වාගෙන යන විමර්ශන අනුව සහ බුද්ධි අංශ වාර්තා කරලා තියෙන කාරණා අනුව මෙවැනි අනවසර සංක්‍රමණිකයින් ලක්ෂයක් ඉදිරි දිනවලදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තියෙනවා කියලා. මේක මානුෂීය ප්‍රශ්නයක් ලෙස හඳුනා ගන්නේ නම් ඒ ආකාරයට කටයුතු කිරීමට සූදානම්. දැනට පොලිසිය සිදුකරන විමර්ශන අනුව සහ බුද්ධි අංශ වාර්තා කරන ආකාරයට ඉදිරියේදී ලක්ෂයක පිරිසක් මේ රටට් සංක්‍රමණය කරවා ගැනීමට සැලසුමක් ඇති බවට තොරතුරු වාර්තා වෙනවා. ඒ වගේම ඒ පිළිබඳව විමර්ශන ආරම්භ කරමින් තියෙනවා. දැනටත් ඒ ස්ථානයේ රඳවා සිටින ළමුන් ඇතුළු අනෙක් පිරිසට අවශ්‍ය පහසුකම් සපුරලා දීලා තියෙනවා.''
You May Like This Video