අස්වැසුම ප්‍රතිලාභී නොවන පවුල්වල සියලුම දරුවන්ට රජයෙන් දීමනාවක්. - එය ලැබෙන්නේ මෙහෙමයි.

By Wayomi Jan 07, 2025 09:51 AM GMT
Report

අස්වැසුම ප්‍රතිලාභී නොවන පවුල්වල සියලුම දරුවන්ට රු. 6,000ක දීමනාව වවුචරයක් වශයෙන් ලබා දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇති බවයි ඇමති නලින්ද ජයතිස්ස අද පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළා.

ඒ අනුව දෙමාපියන් අහිමි ළමුන්, මව හෝ පියා ආබාධිත පවුල්වල ළමුන්, ළමා නිවාසගත පාසල් වයසේ සිටින සියලුම ළමුන් සහ විශේෂ හේතු මත අසරණ භාවයට පත්ව ඇති කාණ්ඩවලට අයත් ළමුන් සඳහා එම දීමනාව ලබා දීමට නියමිතයි.

එමෙන්ම අස්වැසුම ප්‍රතිලාභි නොවන ළමා සංවර්ධන මධ්‍යස්ථානවල සිට පාසල් වෙත පැමිණෙන ළමුන්ට සහ පිරිවෙන්වල ඉගෙනුම ලබන ගිහි පැවිදි සිසුන්ට දීමනාව ලබා දෙනු ඇති.

ඒ අනුව සිසුන් 300ට අඩු පාසල් 6,576කට අයත් වන අස්වැසුම ප්‍රතිලාභී නොවන පවුල්වල සියලුම දරුවන්ට මෙම දීමනාව ලබා දීමට නියමිත වනවා.

රාජ්‍ය අංශයේ වැටුප් සියයට 400කින් ඉහළට. - ඉදිරි මාස 03 බදු ක්‍රමයත් වෙනස් වෙයි.

රාජ්‍ය අංශයේ වැටුප් සියයට 400කින් ඉහළට. - ඉදිරි මාස 03 බදු ක්‍රමයත් වෙනස් වෙයි.

දිවයින පුරා ගුරුවරුන් ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ දැනුම්දීමක්.

දිවයින පුරා ගුරුවරුන් ගැන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ දැනුම්දීමක්.


You May Like This Video