2024 ආර්ථික වර්ධනයේ ගෞරවය රනිල්ට?..- මාලිමා මන්ත‍්‍රීනී පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය මෙන්න.

Report

2024 වසරේදී ශ්‍රී ලංකා ආර්ථිකයේ ඇති වූ ස්ථාවර බව සම්බන්ධයෙන් ගෞරවය යා යුත්තේ පැවති රජයට ද වර්තමාන රජයටදැයි සංවාදයක් ඇති වී තිබෙන බව ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රීනී ලක්මාලි හේමචන්ත‍්‍ර පාර්ලිමේන්තුව අමතමින් පවසනවා.

අස්වැසුම ප්‍රතිලාභී නොවන පවුල්වල සියලුම දරුවන්ට රජයෙන් දීමනාවක්. - එය ලැබෙන්නේ මෙහෙමයි.

අස්වැසුම ප්‍රතිලාභී නොවන පවුල්වල සියලුම දරුවන්ට රජයෙන් දීමනාවක්. - එය ලැබෙන්නේ මෙහෙමයි.

"2024 මැදවන විට ලංකා ආර්ථිකයේ යම් ස්ථාවර බවක් ඇති වී තිබෙන බව පෙනෙන්නට තිඛෙනවා.

අප ආණ්ඩුව බාරගත් විටත් ඒ ස්ථාවර බව ඉදිරියට ගෙන යන්නට හැකියාව ලැබුණා.

මේ වර්ධනයේ ගෞරවය යා යුත්තේ පැවති රජයට ද අපට ද කියා සංවාදයක් ඇති වී තිබෙනවා.

මේ දත්ත පිටුපස තිබෙන කතන්දරය අප කියවා ගත යුතුයි. එමෙන්ම ඒ සඳහා කැප කිරීම් කළ ජනතාව ගැනද කල්පනා කළ යුතුයි.

බදු ආදායම වැඩි වීමේ අනෙත් කතාන්දරය ජනතාවට අධ්‍යාපනයට සෞඛ්‍යයට ගෙවන්නට තිබූ මුදල් අහිමි වීමයි.

බදු ගෙවීම ඇතුලේ සාමාන්‍ය ජනතාව බරපතළ ඛේදවාචකයකට ලක් වුණා. වෙලත් දෙවේලක් නොකා රටට බදු ගෙවූ ජනතාවට මෙහි ගෞරවය හිමි විය යුතුයි.

ඇත්තෙන්ම මේ වසර මැද මූල්‍ය තත්වය ගැන දත්ත පිළිබඳව අපට සතුටු විය හැකිය.

නමුත් දත්ත ඒ තැනට ගෙන ඒම සඳහා රටේ ජනතාව විශාල වන්දියක් ගෙව්වා."


අද මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ වීමට නියමිතව තිබූ බස් වර්ජනය ගැන විශේෂ දැනුම්දීමක්. - (VIDEO)

අද මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ වීමට නියමිතව තිබූ බස් වර්ජනය ගැන විශේෂ දැනුම්දීමක්. - (VIDEO)


You May Like This Video