දකුණු කොරියාවට තවත් ශ්‍රී ලාංකිකයින් 100 දෙනෙක්...
By Parami Dissanayake
ඊයේ (06) දකුණු කොරියාවේ නිෂ්පාදන ක්ෂේත්‍රයේ රැකියා හිමිවූ තවත් ශ්‍රී ලංකිකයන් 100 දෙනෙකු දකුණු කොරියාව බලා පිටත්ව ගියහ.
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරේ, මෙම පිරිස අතරට තරුණියන් 08 දෙනෙකු ද ඇතුළත් බව යි.
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය හා දකුණු කොරියානු මානව සම්පත් සංවර්ධන සේවා ආයතනය අතර ඇති කරගත් අවබෝධතා ප්‍රකාරව ශ්‍රී ලංකිකයන් සඳහා මෙම රැකියා අවස්ථා හිමිවේ.
ඒ අනුව මෙම වර්ෂයේ අගෝස්තු මස වන විට 3,694 දෙනෙකු දකුණු කොරියාවේ රැකියා සඳහා පිටත්ව ගොස් ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා.
එම අවබෝධතා ගිවිසුම අනුව 2004 වසරේ සිට අඛන්ඩව මේ දක්වා ශ්‍රී ලංකිකයන් දකුණු කොරියාවේ රැකියා සඳහා පිටත්ව ගොස් ඇත.
කෙසේ වෙතත්, මෙවර පිටත් දකුණු කොරියාව බලා පිටත් වූයේ 873 වන කණ්ඩායමයි.