ගුවන් යානය ඇතුළේ මහ පාරේ වගේ ගහගනී- EasyJet කපිතාන්වරයා ගත් ක්ෂණික තීරණය

By Kanchana Jul 24, 2026 02:43 AM GMT
Report

ටෙනරීෆ් සිට ලිවර්පූල් බලා ගමන් කළ ඊසිජෙට් (EasyJet) ගුවන් යානයක් තුළ මගීන් පිරිසක් අතර ඇති වූ ගැටුමක් හේතුවෙන් ගුවන් යානය නැවත ටෙනරීෆ් දකුණු ගුවන් තොටුපළ වෙත හරවා යැවීමට සිදුව තිබේ.

ස්පාඤ්ඤ ගුවන් ගමනාගමන පාලක මණ්ඩලය සඳහන් කළේ, මගීන් දස දෙනෙකු පමණ සම්බන්ධ වූ මෙම ගැටුම ගුවන් යානයේ ආරක්ෂාවට අවදානමක් මතු කළ බැවින්, ගුවන් ගමන ආරම්භ වී මිනිත්තු 30ක් පමණ ගත වූ අවස්ථාවේදී කපිතාන්වරයා ආපසු හැරීමට තීරණය කළ බවයි.

කාර්ය මණ්ඩලයේ ඉල්ලීම මත, අඟහරුවාදා සවස ටෙනරීෆ් දකුණු ගුවන් තොටුපළට යානය ගොඩබැස්ස අවස්ථාවේදී පොලිසිය එය හමුවී තිබේ. මගීන් 186 දෙනෙකු රැගත් එම යානය, අවශ්‍ය පියවරයන්ගෙන් අනතුරුව ලිවර්පූල් බලා යළි පිටත්ව ගොස් ඇත.

ස්පාඤ්ඤ භාෂාවෙන් නිකුත් කළ නිවේදනයක ගුවන් ගමනාගමන පාලක මණ්ඩලය සඳහන් කළේ, මෙවැනි අසීරු තත්ත්වයන්ට මුහුණ දීමට සිදුවන ගුවන් කාර්ය මණ්ඩලය සහ මගීන් වෙත තම පූර්ණ සහයෝගය පළ කරන බවයි.

ලොව අංක එකේ යූටියුබර් MrBeast රහසේම කසාද බඳියි! මනාලිය කවුද? මඟුල් ගෙදර ගත්ත පෞද්ගලික දූපත මෙන්න

ලොව අංක එකේ යූටියුබර් MrBeast රහසේම කසාද බඳියි! මනාලිය කවුද? මඟුල් ගෙදර ගත්ත පෞද්ගලික දූපත මෙන්න

මේ අතර, ඊසිජෙට් ගුවන් සේවය ප්‍රකාශ කළේ බාධාකාරී ලෙස හැසිරුණු මගීන් පිරිසක් හේතුවෙන් ගුවන් යානය නැවත ටෙනරීෆ් වෙත පැමිණි බවත්, එහිදී පොලිසිය මැදිහත්වීමෙන් පසු ගුවන් ගමන සාමාන්‍ය පරිදි ලිවර්පූල් බලා පිටත්ව ගිය බවත්ය.

ගුවන් සේවය වැඩිදුරටත් අවධාරණය කළේ, ගුවන් යානයේ සහ සියලු මගීන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා අවශ්‍ය සෑම අවස්ථාවකදීම කඩිනම් හා සුදුසු ක්‍රියාමාර්ග ගැනීමට තම ගුවන් හා භූමි කාර්ය මණ්ඩලය පුහුණු කර ඇති බවයි.

එමෙන්ම, බාධාකාරී හැසිරීම් කිසිසේත්ම නොඉවසන බවත්, මගීන්ගේ සහ කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව හා යහපැවැත්ම තමන්ගේ ඉහළම ප්‍රමුඛතාව බවත් ඊසිජෙට් ගුවන් සේවය අවධාරණය කළේය.

ගුවන් ගමනාගමන පාලක මණ්ඩලය වැඩිදුරටත් පැවසුවේ, පොලිස් නිලධාරීන්ගේ පැමිණීම සඳහා ගුවන් තොටුපළ සමඟ කඩිනමින් සම්බන්ධීකරණය කළ බවත්, ගුවන් යානය කිසිදු අනතුරකින් තොරව ටෙනරීෆ් දකුණු ගුවන් තොටුපළේ ධාවන පථ අංක 07 වෙත ආරක්ෂිතව ගොඩබස්වා ඇති බවත්ය.