සුළි කුණාටුවක් හේතුවෙන් බංග්ලාදේශයේ 10 දෙනෙකු ජිවිතක්ෂයට...
By Parami Dissanayake
බංග්ලාදේශයේ ප්‍රදේශ කිහිපයකට බල පෑ සුළි කුණාටු තත්ත්වයක් හේතුවෙන් පුද්ගලයින් 10 දෙනෙකු මියගොස් ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
එමඟින්, නිවාස 30,000කට අධික සංඛ්‍යාවකට හානි සිදුව ඇති අතර විදුලි සැපයීමට ද ඉන් බලපෑම් එල්ල වී ඇති බවත් පවතින තත්ත්වය හේතුවෙන් තවත් පිරිසක් සිර වී සිටින බවත් වාර්තා කෙරේ.
කෙසේ වෙතත්, ඔවුන් මුදාගෙන ආරක්‍ෂිත ස්ථාන වෙත යොමු කිරීමට එරට බලධාරීන් පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා වැඩි දුරටත් සඳහන් කළේ ය.