මැදපෙරදිග තත්ත්වය මත සංචාරකයින් 10,000ක් ලංකාවේ හිරවෙයි

Report

මැද පෙරදිග පවතින යුද්ධ ගැටුම් හේතුවෙන් ගුවන් මාර්ග වසා තැබීම නිසා සංචාරකයන් දස දහසකට ආසන්න පිරිසක් තම රටවලට යෑමට නොහැකිව ශ්‍රී ලංකාව තුළ රැඳී සිටින බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

මෙම සංචාරකයින්ට අවශ්‍ය පහසුකම් සංචාරක නියෝජිතවරුන්ගේ මැදිහත්වීමෙන් මේ වන විට සපයා ඇති බව අධිකාරියේ සභාපති බුද්ධික හේවාවසම් මහතා සඳහන් කළේය.

රැඳී සිටින සංචාරකයින් අතරින් පමණක් හය දහසකට ආසන්න පිරිසක් සංචාරක පැකේජ යටතේ මෙරටට පැමිණ සිටින අය බවද ඔහු ප්‍රකාශ කළේය.

ඉන්ධන උණුසුම මැද ගොවීන්ට විශේෂ අවසර ලිපි

ඉන්ධන උණුසුම මැද ගොවීන්ට විශේෂ අවසර ලිපි

මෙම තත්ත්වය හමුවේ රජය විසින් බලපෑමට ලක්වූ සංචාරකයින් සඳහා විශේෂ සහන සලකා ඇති අතර, ගුවන් ගමන් අත්හිටුවීම් හේතුවෙන් රැඳී සිටින විදේශිකයින්ගේ වීසා කාලය දින 14කින් ගාස්තුවකින් තොරව දීර්ඝ කිරීමට තීරණය කර ඇත.

මෙම සංචාරකයින්ගෙන් බොහෝ දෙනෙකු ඉරානය, ඉරාකය ඇතුළු මැද පෙරදිග රටවල්වලින් පැමිණියන් බවත්, ඔවුන්ගේ ආරක්ෂාව, සුභසාධනය හා නැවත ගමන් කිරීම සඳහා අවශ්‍ය සහාය ලබාදීමට අධිකාරිය ක්‍රියාත්මකව සිටින බවද වාර්තා වේ.

සංචාරකයින්ට අවශ්‍ය උපදෙස් හෝ සහාය ලබාගැනීම සඳහා ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියහි විශේෂ ඒකකය හෝ හොට්ලයින් 1912 වෙත සම්බන්ධ විය හැකිය.

මැද පෙරදිග ගින්නෙන් පාර්ලිමේන්තුවත් ඇවිලෙයි - තෙල් හින්දා ලෝක යුද්ධේ රට ඇතුළටත් එන බවට විපක්ෂය අනතුරු අඟවයි

මැද පෙරදිග ගින්නෙන් පාර්ලිමේන්තුවත් ඇවිලෙයි - තෙල් හින්දා ලෝක යුද්ධේ රට ඇතුළටත් එන බවට විපක්ෂය අනතුරු අඟවයි

යුද්ධේ මැද ඩොලර් මිල ගණනුත් උඩ යයි

යුද්ධේ මැද ඩොලර් මිල ගණනුත් උඩ යයි