යුද්ධේ මැද ඩොලර් මිල ගණනුත් උඩ යයි
පසුගිය සිකුරාදාට සාපේක්ෂව අද (03) වාණිජ බැංකුවල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමාණය වී ඇති අතර, සමහර බැංකුවල විකුණුම් අනුපාතිකය රුපියල් 313 දක්වා ළඟා වී තිබේ.
සෙලාන් බැංකුවට අනුව, ඇමරිකානු ඩොලරයේ මිලදී ගැනීමේ සහ විකිණීමේ අනුපාතික පිළිවෙලින් රුපියල් 306.55 සහ රුපියල් 311.30 ලෙස නොවෙනස්ව පවතී.
NDB බැංකුවේ, ඇමරිකානු ඩොලරයේ මිලදී ගැනීමේ අනුපාතිකය රුපියල් 306.15 සිට රුපියල් 306.90 දක්වා ඉහළ ගොස් ඇති අතර, විකුණුම් අනුපාතිකය ද රුපියල් 312.65 සිට රුපියල් 313.40 දක්වා ඉහළ ගොස් තිබේ.
මහජන බැංකුව වාර්තා කරන්නේ ඇමරිකානු ඩොලරයේ මිලදී ගැනීමේ අනුපාතිකය රුපියල් 305.74 සිට රුපියල් 306.19 දක්වා ඉහළ ගොස් ඇති අතර විකුණුම් අනුපාතිකය ද රුපියල් 312.48 සිට රුපියල් 312.94 දක්වා ඉහළ ගොස් ඇති බවයි.
මේ අතර, කොමර්ෂල් බැංකුවේ, ඇමරිකානු ඩොලරයක මිලදී ගැනීමේ සහ විකිණීමේ අනුපාත පිළිවෙලින් රුපියල් 304.11 සිට රුපියල් 303.96 දක්වා සහ රුපියල් 312.50 සිට රුපියල් 312.35 දක්වා අඩු වී තිබේ.
සම්පත් බැංකුවේ, මිලදී ගැනීමේ අනුපාතිකය රුපියල් 306 සිට රුපියල් 306.75 දක්වා සහ විකුණුම් අනුපාතිකය රුපියල් 312.50 සිට රුපියල් 313.25 දක්වා ඉහළ ගොස් තිබේ.