ඩොලර් මිලියනයක් දිනා ගන්න කැමතිද..කරන්න ඕනේ මොකක්ද දන්නවාද..

Donald Trump Elon Musk World US election 2024
By Piyumika Oct 20, 2024 05:27 AM GMT
Piyumika

Piyumika

Report

ප්‍රකෝටිපතියෙකු වන එලොන් මස්ක්, නොවැම්බර් 05 පැවැත්වෙන එරට ජනාධිපතිවරණය තෙක් සෑම දිනකම ඩොලර් මිලියනයක් ලබා දීමට පොරොන්දු වී තිබෙනවා.

ඒ අමෙරිකා එක්සත් ජනපද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සහය දක්වමින් සිය මාර්ගගත පෙත්සමට අත්සන් කරන පුද්ගලයින් සඳහා පමණයි.

මැතිවරණය කට උඩ තියෙද්දී ප්‍රබල දේශපාලනඥයකු හදිසියේම දැඩි සත්කාර ඒකකයට ..

මැතිවරණය කට උඩ තියෙද්දී ප්‍රබල දේශපාලනඥයකු හදිසියේම දැඩි සත්කාර ඒකකයට ..

එලෝන් මස්ක් මෙලෙස සිදු කරන්නේ රිපබ්ලිකන් පාක්ෂික ඩොනල්ඩ් ට්‍රම්ප් පිටුපසින් ආධාරකරුවන් පෙළගස්වා ගැනීමේ අරමුණින් . Monara මේ පිළිබඳ ප්‍රසිද්ධ කරමින් ඔහු පෙන්සිල්වේනියාවේ විශේෂ උත්සවයක් ද පවත්වා ඇති අතර, ඊට සහභාගී වූ, සිය මාර්ගගත පෙත්සමට අත්සන් කළ අයෙකුට මස්ක් එවෙලේම ඩොලර් මිලියනයක චෙක්පතක් ප්‍රදානය කර තිබෙනවා.

ට්‍රම්ප් සහ ඔහුගේ ඩිමොක්‍රටික් ප්‍රතිවාදියා වන කමලා හැරිස් අතර මේ වන විට ජනපතිවරණයට අදාලව දැඩි තරගයක් ඇති බවයි විදෙස් වාර්තා පවසන්නේ.

ඇසිල්ලකින් හත්දෙනෙකුට මරු කැදවූ බිහිසුණු තටාක අනතුර..

ඇසිල්ලකින් හත්දෙනෙකුට මරු කැදවූ බිහිසුණු තටාක අනතුර..

මෙම ජනාධිපති තරඟයට බලපෑම් කිරීමට මස්ක් ඔහුගේ අසාමාන්‍ය ධනය භාවිතා කිරීමේ නවතම උදාහරණය මෙය බව විචාරකයන් පවසනවා.

ට්‍රම්ප්ගේ ජනාධිපතිවරණ ව්‍යාපාරයට සහය දැක්වීම සඳහා මස්ක් විසින් දේශපාලන ක්‍රියාකාරී සංවිධානයක් ද ආරම්භ කර ඇති බව සඳහන්.

රටෙන් ආපු බඩු පිරුණු මල්ලක් රුපියල් දාහකටත් අඩු මුදලකට ගන්න කැමතිද..

රටෙන් ආපු බඩු පිරුණු මල්ලක් රුපියල් දාහකටත් අඩු මුදලකට ගන්න කැමතිද..

තම අසීමිත ධනය භාවිත කරමින්, ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ඡන්ද පදනම වැඩි කිරීමට මස්ක් මෙලෙස කටයුතු කළත් ඔහුගේ ඉලක්ක සපුරා ගැනීම ගැටලුවක්වී ඇති බවට ලකුණු තිබෙන බවත් රොයිටර්ස් පුවත් සේවය පවසනවා.

Gallery