මැතිවරණය කට උඩ තියෙද්දී ප්‍රබල දේශපාලනඥයකු හදිසියේම දැඩි සත්කාර ඒකකයට ..

By Piyumika Oct 20, 2024 04:28 AM GMT
Report

ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂයේ ( ITAK ) හිටපු නායක හා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා හදිසියේ වැළදුණු හෘදයාබාධයක් හේතුවෙන් ඊයේ (19) දා යාපනයේ පෞද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කොට තිබෙනවා.

ක්‍රිකට් ලෝලීන් බලා සිටි ශ්‍රී ලංකා - බටහිර ඉන්දීය කොදෙව් එක්දින තරග අද සිට..

ක්‍රිකට් ලෝලීන් බලා සිටි ශ්‍රී ලංකා - බටහිර ඉන්දීය කොදෙව් එක්දින තරග අද සිට..

හිටපු මන්ත්‍රීවරයා ගත වූ කාලයේ පක්ෂයේ අභ්‍යන්තර වශයෙන් සිදු වූ අර්බූද රාශියක් නිසා දැඩි ලෙස කලකිරීමට පත්ව ඔහු පක්ෂයේ වගකීම් වලින් ඉවත් වී හුදෙකලාව විසීමට තීරණය කළ බව මාධ්‍ය වෙත අදහස් දක්වමින් පසුගියදිනෙක ප්‍රකාශ කළා.

ඉන් පසුවද මාවෙයි සේනාධිරාජා හිටපු මන්ත්‍රීවරයාට එරෙහිව පක්ෂයේම පිරිසක් අධිකරණයට පවා ගොස් සිටි අතර ඔහු ඒ සෑම සිද්ධියකින්ම දැඩි ලෙස කම්පාවට පත්ව සිටි බවයි වාර්තා වෙන්නේ.

අලුතෙන්ම ෆෝන් එකක් ගන්නද හිටියේ..මේ ෆෝන් එකේ කතාව ගැන ඔයා දැනගෙන හිටියද ..

අලුතෙන්ම ෆෝන් එකක් ගන්නද හිටියේ..මේ ෆෝන් එකේ කතාව ගැන ඔයා දැනගෙන හිටියද ..

මේ තත්ත්වය මන්ත්‍රීවරයාගේ හදිසි අසනීප තත්ත්වයට හේතුව බව එම පක්ෂයේ කීප දෙනෙකුම පවසා සිටියේ.

කෙසේ වෙතත් මාවෙයි සේනාධිරාජා හිටපු මන්ත්‍රීවරයා රෝහලට ඇතුළත් කළ අවස්ථාවේ සිටි දැඩි අසනීප තත්ත්වයෙන්ම තවමත් සිටින බවයි යාපනය පෞද්ගලික රෝහලේ වෛද්‍යවරු ප්‍රකාශ කර සිටියේ.