මන්කිෆොක්ස් රෝගයට එරෙහිව පළමු එන්නත් තොගය කොංගෝවට...
මන්කිෆොක්ස් රෝගයට එරෙහිව ලබාදෙන එන්නත් මාත්‍රාවේ පළමු කාණ්ඩය පළමුවෙන්ම එම රෝග කාණ්ඩය ව්‍යාප්ත වූ කොංගෝව වෙත රැගෙන ආ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙය Bavarian Nordic විසින් නිෂ්පාදනය කරන ලද සහ යුරෝපීය සංගමය විසින් පරිත්‍යාග කරන ලද එන්නත් මාත්‍රාවන් වන බව වාර්තා වේ.
මෙම එන්නත් වර්ගය යුරෝපයේ සහ එක්සත් ජනපදයේ බහුලව භාවිත වන්නකි.
දැනටමත් මන්කිෆොක්ස් රෝග ව්‍යාප්තිය ගෝලීය හදිසි තත්ත්වයක් ලෙස නම් කර තිබේ.
කෙසේ වෙතත්, සෞඛ්‍ය බලධාරීන් විශ්වාසය පළ කර තිබෙන්නේ,මෙම එන්නත් මාත්‍රාවන් ලබාදීම මගින් එය වළක්වාලීමට හැකිවනු ඇති බවයි.
එමෙන් ම,මෙම වසරේ ගත වූ කාලය තුළ පමණක් මන්කිෆොක්ස් රෝගීන් 19,170 දෙනෙකු වාර්තා වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.