මැදපෙරදිග යුද්ධේ නිසා අපිව අමතකවෙයිද බයයි - යුක්රේන ජනපති රුසියාව ගැන බියවෙයි
යුක්‍රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි විසින් මැදපෙරදිග යුද්ධය හේතුවෙන් යුක්‍රේනයට ගුවන් ආරක්ෂක මිසයිල සොයා ගැනීමට අපහසු විය හැකි බවට අනතුරු අඟවා ඇත.
ඔහු පවසා සිටියේ පවතින මෙම මැදපෙරදිග ගැටුම් හේතුවෙන් යුක්‍රේනයේ මිත්‍ර පාක්ෂිකයින්ගේ අවධානය වෙනතකට යොමු විය හැකි අවදානමක් මතුව ඇති බවත් එය රුසියාවේ පූර්ණ ආක්‍රමණයට එරෙහිව තම රට ආරක්ෂා කිරීම අමතක විය හැකි බවත්ය.
සිය රටෙහි අහස ආරක්ෂා කර ගැනීම සඳහා මිසයිල සහ ආයුධ ලබා ගැනීමේ දුෂ්කරතා ඇති විය හැකි බව ඉතාලි පුවත්පතක් වෙත අදහස් දක්වමින් යුක්‍රේන ජනාධිපතිවරයා පවසා ඇත.
එමෙන්ම ඉරාන අර්බුදය සීමිත මෙහෙයුමක් ලෙස පවතිනු ඇති බවත් එය දිගු යුද්ධයක් කරා ගමන් නොකරනු ඇතැයි තමන් අපේක්ෂා කරනු ඇති බවත් යුක්‍රේන ජනාධිපතිවරයා සඳහන් කර තිබේ.