නරේන්ද්‍ර මෝදී වැඩට බහී - ඉන්දියාවත් අවදානෙන් - හතරේ අතේ මැදපෙරදිගට දුරකථන ඇමතුම්

Report

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි බහරේන් රජු සහ සෞදි අරාබියේ ඔටුන්න හිමි කුමරු සමඟ දුරකතන සාකච්ඡාවල නිරත වී ඇති අතර එහිදී ඉන්දීය අග්‍රාමාත්‍යවරයා එම රටවල ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාව උල්ලංඝනය කරමින් එල්ල වූ මෑතකාලීන ප්‍රහාර දැඩි ලෙස හෙළා දැක ඇත.

තවද, මෙම දුෂ්කර අවස්ථාවේදී ඉන්දියාව එම රටවල ජනතාව සමඟ සහයෝගීව සිටින බවද අග්‍රාමාත්‍ය මෝදි එහිදී පවසා ඇත. අග්‍රාමාත්‍යවරයා ජෝර්දානයේ දෙවන අබ්දුල්ලා රජු සමඟ ද සාකච්ඡා කළ අතර එහිදී කලාපය තුළ වර්ධනය වෙමින් පවතින තත්ත්වය පිළිබඳව සිය බලවත් කනස්සල්ල පළ කර ඇත.

ඉවසීමේ යුගය අවසන් බවත් යක්ෂයාට එරෙහිව නැගී සිටින එකම රට ඉරානය බවත් ප්‍රකාශ නිකුත් කරයි

ඉවසීමේ යුගය අවසන් බවත් යක්ෂයාට එරෙහිව නැගී සිටින එකම රට ඉරානය බවත් ප්‍රකාශ නිකුත් කරයි

බහරේනයේ හමාඩ් බින් ඊසා අල් කලීෆා රජු සහ සෞදි අරාබියේ ඔටුන්න හිමි කුමරු මෙන්ම අග්‍රාමාත්‍ය මොහොමඩ් බින් සල්මාන් සමඟ පැවැති දුරකථන සංවාදවලදී අග්‍රාමාත්‍ය මෝදි කියා සිටියේ, කලාපීය සාමය සහ ස්ථාවරත්වය හැකි ඉක්මනින් යථා තත්ත්වයට පත් කිරීම අතිශය වැදගත් බවයි.

එමෙන්ම මෙම දුෂ්කර කාලසීමාව තුළ එහි වෙසෙන ඉන්දීය ප්‍රජාවගේ සුභසාධනය පිළිබඳව සොයා බැලීම ගැන ඔහු ඔවුන්ට ස්තුතිය පළ කළකර ඇත.

"ඔවුන්ට කතා කිරීමට ඕනේ කිව්වා - මම කිව්වා "ප්‍රමාද වැඩියි!" ට්‍රම්ප්ගෙන් සටහනක්

"ඔවුන්ට කතා කිරීමට ඕනේ කිව්වා - මම කිව්වා "ප්‍රමාද වැඩියි!" ට්‍රම්ප්ගෙන් සටහනක්