උණුසුම් ලෙස පිළිගෙන ට්‍රම්ප් සෙලෙන්ස්කිගේ කනටම ගහයි! ලොවක් බලා සිටි ධවල මන්දිරයේ උණුසුම් ගැටුම
යුක්‍රේන ජනපති ව්ලැඩිමීර් සෙලෙන්ස්කි ඊයේ(28.02.2025) ධවල මන්දිරයට පැමිණියේ යුක්‍රේනයේ ඛනිජ සම්පත් සම්බන්ධයෙන් ඇමරිකාව සමඟ ගිවිසුමකට අත්සන් තැබීමටයි.
ඔහුව උණුසුම් අයුරින් පිළිගත් ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ සෙලෙන්ස්කි අතර ඕවල් මන්දිරයේදී විනාඩි 40ක සාකච්චඡාවක් පැවැත්වුනා.
එහිදී ඛනිජ සම්පත් සහ යුක්‍රේන රුසියා සටන පිළිබඳවද සාකච්ඡා සිදු කල අතර එම සාකච්ඡාව එක්වරම උණුසුම් වුයේ යුක්‍රේන ජනපති සෙලෙන්ස්කිගෙන් ඇමරිකානු උප ජනපති ජේ.ඩී. වොන්ස් ඇසු ප්‍රශ්නයක් සමගයි.
යුක්‍රේන රුසියා යුද්ධයට හමුදා සෙබළුන් බදවා ගැනීමේ ගැටළුවක් ඇති බව ඔහු පිළිගන්නවාද යන්න ඇමරිකානු උප ජනදිපති ජේ.ඩී. විසින් යුක්රේන ජනපතිගෙන් විමසා සිටියේය.
මෙහිදී ජනපති සෙලෙන්ස්කි දිගින් දිගටම කියා සිටියේ සටන් අවසානයේ දී යුක්රේනයේ ආරක්ෂාව තහවුරු වන බවට සහතික විය යුතු බවයි.
එහෙත් ඔහුගේ අදහස් දැක්වීමට බාධා කරමින් ඩොනල්ඩ් ට්‍රම්ප් කියා සිටියේ සෙලෙන්ස්කි ලෝක යුද්ධයක් අභියස සූදු ක්‍රීඩාවක යෙදෙන බවයි.
මේ තත්ත්වය මත ජේ.ඩී. පවසා සිටියේ යුක්‍රේන ජනපති ඕවල් කාර්යාලයට පැමිණීම අගෞරවයක් බවයි.
ඒ අනුව යුක්‍රේන ජනපති ව්ලැඩිමීර් සෙලෙන්ස්කි පැවසුවේ මෙම සටන් විරාම ගිවිසුමට එකඟ නොවන්නේ නම් ඇමරිකාව මෙයින් ඉවත් කර තනිව ඉදිරියට යන ලෙසයි.
මෙම ත්‍රීව වචන හුවමාරු නිසා ඇමරිකාවේ යුක්‍රේන තානාපතිනියද දැඩි අපහසුතාවයට පත්ව සිටින අයුරු විදෙස් මාධ්‍ය වාර්තා කළ අතර, මේ හේතුවෙන් යුක්‍රේන ජනපති වොලොඩිමියර් සෙලෙන්ස්කිට ධවල මන්දිරයෙන් පිටවීමට සිදුවිය.
සියලුම විස්තර දැනගන්න පහත වීඩියෝව නරඹන්න,
