යුක්‍රේන සෙලෙන්ස්කි සහාය ඉල්ලුවේ කාගෙන්ද? මොකද්ද ලැබුණු උත්තරේ?

By Zara Mar 26, 2025 04:00 PM GMT
Report

අද (26) දින යුක්‍රේනයේ නව ශ්‍රී ලංකා තානාපති හසාන්ති දිසානායක මහත්මිය එරට ජනාධිපති ව්ලොද්මීර් සෙලෙන්ස්කි මුණගැසී තිබෙනවා.

යුක්‍රේනයට තේරීපත්වී පැමිණි ශ්‍රී ලංකා සහ ගෝතමාලා නව තානාපතිවරියන් අක්ත පත්‍ර භාරදීමේ අවස්ථාවේදී මෙම හමුව සිදුවී ඇති බව විදෙස් වාර්තා සඳහන් කරන්නේ.

මෙහිදී අදහස් දක්වා ඇති යුක්‍රේන ජනාධිපතිවරයා තම රට එක්සත් ජනපද නියෝජිතයින් සමඟ ඵලදායී සාකච්ඡාවල නිරතවී සිටින අතර හැකි ඉක්මණින් සාමය ළඟාකර ගැනීම සඳහා කටයුතු කරන බව පවසා තිබෙනවා.

"තවදුරටත් සාකච්ඡා ක්‍රියාවලියක් සඳහා අවශ්‍ය අඩිතාලම දැමීමට යුක්‍රේනය පියවර රැසක් යෝජනා කර ඇති අතර අනෙක් පාර්ශවයන්ගේ මෙම ස්ථාවරයට සහාය ලබාගැනීමට අපේක්ෂා කරනවා."

එක්සත් ජාතීන්ගේ පඤ්ඥාප්තිය සහ ජාත්‍යන්තර නීතිය මත පදනම්ව යුක්‍රේනය සාධාරණ සහ කල්පවතින සාමයක් ළඟා කරගැනීමට තම රට ශ්‍රී ලංකාවේ සහයෝගය බලාපොරොත්තු වෙන බවද ජනාධිපතිවරයා එහිදී පැවසීය.

රාජ්‍ය සේවකයන්ට මෙන්න සතුටු හිතෙන ආරංචියක්

රාජ්‍ය සේවකයන්ට මෙන්න සතුටු හිතෙන ආරංචියක්

ජනාධිපතිවරයා එහිදී සඳහන් කළේ වෙළෙඳාම, අධ්‍යාපනය, ආහාර සුරක්ෂිතතාව සහ වෛද්‍ය පුනරුත්තාපන ක්ෂේත්‍රවල ද්වි පාර්ශ්වික සහයෝගීතාව වර්ධනය කිරීමට යුක්‍රේනය උනන්දු වෙන බවයි.  

2025 අයවැය නිසා රජයේ විශ්‍රාමිකයන් කණස්සල්ලෙන්

2025 අයවැය නිසා රජයේ විශ්‍රාමිකයන් කණස්සල්ලෙන්

මහින්ද කට අරිද්දී බ්‍රිතාන්‍යය පැනවූ සම්බාධක ගැන රජයෙන් ප්‍රතිචාර

මහින්ද කට අරිද්දී බ්‍රිතාන්‍යය පැනවූ සම්බාධක ගැන රජයෙන් ප්‍රතිචාර