2025 අයවැය නිසා රජයේ විශ්‍රාමිකයන් කණස්සල්ලෙන්
By Dilasha
මෙම වසරේ අයවැයෙන් රාජ්‍ය සේවකයන්ගේ වැටුප් සහ 2020 වසරට පෙර විශ්‍රාමිකයන්ගේ විශ්‍රාම වැටුප ඉහළ දැමීමෙන් විශ්‍රාමිකයන් 150,000 ක පමණ පිරිසකගේ විශ්‍රාම වැටුපේ විශාල විෂමතාවක් සිදු වී ඇති බව රජයේ විශ්‍රාමිකයන්ගේ එකමුතුව ප්‍රකාශ කරයි.
ඔවුන් සඳහන් කරන්නේ මෙම විෂමතාව අයවැය සම්මතවීමට පෙර සිට නිවැරදි කරන ලෙස ඉල්ලීම් කළද මේ වන විටත් ඒ සඳහා ඔවුන් ක්‍රියාමාර්ගයක් නොගෙන ඇති බවයි.
මෙම ගැටලුවට 2020 වසරේ සිට 2024 වසර දක්වා වසර පහක් තුළ විශ්‍රාම ලැබූ රාජ්‍ය සේවකයන් මුහුණ දී ඇති බවත් සඳහන් කරයි. එමෙන්ම යෝජිත නව විශ්‍රාම වැටුප සහ වර්තමාන විශ්‍රාම වැටුප් පිළිබඳ මනා අධ්‍යනයකින් සිදුව ඇති අසාධාරණය පිළිබඳව මනා වැටහීමක් ලබා ගත හැකි බවත් ඔවුන් ප්‍රකාශ කර සිටියි.
Trending News