ඩේසි ෆොරස්ට්ට හෙට මානසික පරීක්ෂණයක්

Report

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ චෝදනා ලබා සිටින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් මහත්මියට නඩු කටයුත්තක් වෙනුවෙන් පෙනී සිටිමට සුදුසු මානසික තත්ත්වයක පසුවනවා දැයි හෙට (11) දින කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරියා මාර්ගයෙන් පරීක්ෂා කිරීමට නියමිතව ඇති බව නීතිපතිවරයා අද (10) දින කොළඹ මහාධිකරණයට දැනුම් දී ඇත.

අඳාළ නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු රශ්මි සිංගප්පුලි මහතා ඉදිරියේ කැඳවූ විටදී රජයේ නිතීඥ ඔක්ස්වල්ඩ් පෙරේරා විසින් මෙම දැනුම් දීම සිදු කළා.

යෝජිත පිළිගැනීම් පිළිබඳව සලකා බැලීමට මෙම නඩුව අද දින කැඳවා ඇත. එසේ වුවත් රජයේ නිතීඥ ඔක්ස්වල්ඩ් පෙරේරා මහතා අධිකරණයට දන්වා සිටියේ විත්තිකරුවන්ට විරුද්ධව මෙම නඩුව හා සම්බන්ධිත තවත් නඩුවක් අංක 08 මහාධිකරණය හමුවේ විභාගවන බවයි.

‘පොළොන්නරුවේ රාජ්‍ය නායකයා’ ටී.බී කට වරද්ද ගත්තද?

‘පොළොන්නරුවේ රාජ්‍ය නායකයා’ ටී.බී කට වරද්ද ගත්තද?

රජයේ නීතිඥවරයා ප්‍රකාශ කළේ අඳාළ නඩුව විභාගයට ගත් අවස්ථාවේදී විත්තිකාර ඩේසි ෆොරස්ට් මහත්මියට නඩු විභාගයකට මුහුණදීමට සුදුසු මානසික මට්ටමක් නොමැති බවට ඇයගේ නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන් බවයි.

එනිසා අදාළ විත්තිකාරිය නඩු විභාගයකට මුහුණදීමට සුදුසු මානසික තත්ත්වයකින් පසුවනවා දැයි නිගමනය කිරීමට කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරියා මාර්ගයෙන් විශේෂඥ වෛද්‍ය වාර්තාවක් කැඳවීමට නියෝග කළ බවත් රජයේ අධි නිතීඥ ඔක්ස්වල්ඩ් පෙරේරා මහතා සඳහන් කළා.

අඳාළ අධිකරණ නියෝගය අනුව විත්තිකාරියගේ අදාළ පරීක්ෂණය සඳහා හෙට දින පෙනී සිටීමට නියමිත බවත් රජයේ නීතිඥවරයා සඳහන් කළා.

එසේම එම පරීක්ෂණයේ වාර්තාව ඉදිරිපත් වූ පසු විත්තිකාරිය නඩු විභාගයකට පෙනී සිටීමේ සුදුසු මානසික තත්ත්වයක පසුවන වාද? යන්න පිළිබඳව පැමිණිල්ල සලකා බලන බවත් රජයේ නීතිඥවරයා අධිකරණයට දන්වා ඇත.

මීට පස්සේ කොළඹ මේවා කරන්න බෑ - හරිනි

මීට පස්සේ කොළඹ මේවා කරන්න බෑ - හරිනි

එබැවින් අදාළ පරීක්ෂණ වාර්තාව ලැබෙන තෙක් නඩුව කල් තබන ලෙසත් රජයේ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිට තිබෙනවා.

කෙසේ වෙතත් ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරුවරයා නඩුව නැවත පෙබරවාරි මස 9 දින කැඳවන ලෙස නියෝග කර ඇත.

2009 වසරේ මාර්තු මස 31 වන දින සහ 2013 වසරේ දෙසැම්බර් මස 12 වන දින අතර කාලසීමාව තුළ අයථා ආකාරයෙන් උපයා ගත් රුපියල් මිලියන 59කට අධික මුදලක් බැංකු ගිණුම් තුනක ස්ථාවර තැන්පතු ගිණුම්ල තැන්පත් කිරීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදු කළේ යැයි චෝදනා කරමින් නීතිපතිවරයා විසින් විත්තිකරුවන්ට විරුද්ධව මෙම නඩුව ගොනුකර ඇත.

NBRO නිර්දේශ අනුව මහනුවර නගරයම ඉවත් කරන්න වෙයි - ලාල් කාන්ත

NBRO නිර්දේශ අනුව මහනුවර නගරයම ඉවත් කරන්න වෙයි - ලාල් කාන්ත