යෝෂිතට අධි චෝදනා භාරදෙයි

Report

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බාල පුත්‍ර යෝෂිත රාජපක්ෂ මහතාට අයත් පෞද්ගලික බැංකු ගිණුමකට රුපියල් මිලියන 17ක් බැර වීම සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ පවරා තිබූ නඩුවක අධි චෝදනා භාරදීම අද (10) හෝමාගම මහාධිකරණයේදී සිදු විය.

හෝමාගම මහාධිකරණ විනිසුරු ක්‍රීෂාන්ති අමරතුංග මහත්මියගේ ඉදිරියේදී විත්තිකාර යෝෂිත රාජපක්ෂ මහතා රුපියල් ලක්ෂ දෙක බැගින් වූ මුදල් ඇප දෙකක් සහ රුපියල් ලක්ෂ පනහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කෙරිණි.

තෙල් මිල උඩට - පාසල් වැසේ, රාජකාරි සීමා වෙයි

තෙල් මිල උඩට - පාසල් වැසේ, රාජකාරි සීමා වෙයි

එසේම, මාර්තු 19 වැනිදා සිට විදේශ ගමන් තහනමක් පැනවීමටද, සෑම මසකම පළමු ඉරිදා සහ තුන්වන ඉරිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටීමටද විනිසුරුවරිය නියෝග කළාය.

මෙම නඩුව මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ ගොනු වූ අතර, එහිදී රුපියල් මිලියන 17ක මුදල් බැර වීම තුළින් නීතිවිරෝධී ක්‍රියාකාරකම්වලින් ලබාගත් ආදායම් ලෙස චෝදනා එල්ල වී තිබේ. නඩුවේ පසුගිය කාලයේදී කොළඹ මහාධිකරණයේදීද විභාග වූ අතර, මෑතකදී එය හෝමාගම මහාධිකරණයට මාරු වී තිබේ.

ඉන්ධන මිල වැඩි ගාණකින් වැඩි වුණේ නැහැ - නියෝජ්‍ය ඇමති කට අරී

ඉන්ධන මිල වැඩි ගාණකින් වැඩි වුණේ නැහැ - නියෝජ්‍ය ඇමති කට අරී

තුන්වෙනි ලෝක යුද්ධය ගැන බාබා වැන්ගා කලින්ම කිව්වද? පිරිමි චරිතයක් ඝාතනය කිරීමෙන් මාස හතක මහා යුද්දයක්

තුන්වෙනි ලෝක යුද්ධය ගැන බාබා වැන්ගා කලින්ම කිව්වද? පිරිමි චරිතයක් ඝාතනය කිරීමෙන් මාස හතක මහා යුද්දයක්