"සිංහයා අනුරාධපුරයට '' නාමල් බන්ධනාගාරයේ සිටියදී මහින්ද වෙනුවෙන් තිස්සකුට්ටිආරච්චි සමාජ මාධ්‍යයට මුදාහළ ආන්දෝලනාත්මක වීඩියෝව

Report

අනුරාධපුරයේදී පැවැත්වෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජන රැලියට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සහභාගීත්වය ප්‍රවර්ධනය කරමින් සිංහයෙකු සහ සිංහ පැටවෙකු ඇතුළත් වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ අවධානයට ලක්ව තිබේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් ප්‍රධාන සංවිධායක සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජනක තිස්සකුට්ටිආරච්චි මහතා විසින් මෙම වීඩියෝව සමාජ මාධ්‍ය ඔස්සේ බෙදාගෙන ඇත.

එම වීඩියෝවේ සිංහ පැටවෙකු අනතුරකට මුහුණ දෙන ආකාරයත්, එය බේරා ගැනීම සඳහා වැඩිහිටි සිංහයෙකු පැමිණෙන ආකාරයත් නිරූපණය කර තිබේ.

අනතුරුව මහින්ද රාජපක්ෂ මහතාගේ දර්ශන ඇතුළත් කර ඇති අතර, වීඩියෝවේ “සිංහයා අනුරාධපුරයට” යනුවෙන්ද සඳහන් කර තිබේ. ශ්‍

රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා රක්ෂිත බන්ධනාගාරගතව සිටින පසුබිමක, මහින්ද රාජපක්ෂ මහතා පක්ෂයේ අනුරාධපුර රැලියට සහභාගී වීමට නියමිතව තිබියදී මෙම වීඩියෝව ප්‍රචාරය කර තිබීම විශේෂත්වයකි.

පක්ෂයේ ජාතික සංවිධායකවරයා රක්ෂිත බන්ධනාගාරගතව සිටින අවස්ථාවක ආධාරකරුවන් බලමුලු ගැන්වීමේ අරමුණින් මෙම ජන රැලිය සංවිධානය කර ඇති බව සඳහන් වේ.

මේ මාසයේ ඉන්ධන බිල වැඩි වෙයිද ? ඛණිජ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් දැනුම්දීමක්

මේ මාසයේ ඉන්ධන බිල වැඩි වෙයිද ? ඛණිජ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් දැනුම්දීමක්