"50,000කට වැඩි පිරිසක් එන ලොකු රැස්වීමක්"- ආරාධනා නො ලැබුණත් විපක්ෂයේ අනුරාධපුර රැස්වීමට චාමර සම්පත්ගෙන් සුබ පැතුම්
අනුරාධපුර රැස්වීමට ආරාධනා නොකළ නිසා තමන් සහභාගී නොවන බව චාමර සම්පත් කියයි අනුරාධපුරයේ අද පැවැත්වෙන විපක්ෂයේ රැස්වීමට සහභාගී වන ලෙස තමන්ට හෝ ශ්රී ලංකා නිදහස් පක්ෂයට මෙතෙක් ආරාධනාවක් ලැබී නොමැති බව පාර්ලිමේන්තු මන්ත්රී චාමර සම්පත් දසනායක මහතා සඳහන් කර තිබේ.
කෙසේ වෙතත්, ශ්රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්වරයා අනුරාධපුරයේ සිටියද ඔහුට ආරාධනා නොකර ඇති බැවින් තමන්ට එම රැස්වීමට සහභාගී විය නොහැකි බව චාමර සම්පත් මහතා පවසා ඇත.
'' අද රැස්වීමට ගොඩක් අය යනවා . ඒ ගොල්ලෝ අපිට ආරාධනා කළේ නෑ මම පාර්ලිමේන්තුවෙදිත් කිව්වා අපේ ජනතාවට අනුරාධපුර රැස්වීමට සහභාගී වෙන්න කියලා .නමුත් ශ්රී ලංකා නිදහස් පක්ෂය හැටියට මේ වනතුරුත් ආරාධනාවක් කළේ නෑ .විමල් වීරවංශ මහත්තයලට ආරාධනා කරලා තිබ්බා . අපේ පක්ෂයේ මහලේකම් ඉන්නේ අනුරාධපුරේ එයාට ආරාධන නොකර මට යන්න බෑ . මේ රැස්වීම විපක්ෂයේ තියෙන ලොකු රැස්වීමක්. ඉතිහාසයේ වැඩිම පිරිසක් පනස්දාහකට වැඩි පිරිසක් යයි රැස්වීම සාර්ථක වෙන්න කියලා සුබ පතනවා ''