"උපාධිධාරීන් 35,000ගෙන් වැඩ අරන් දැන් අමතක කරලා"- ආණ්ඩුවේ පොරොන්දු ගැන සාවින්ද්‍යා එදිරිමාන්නගෙන් තද ප්‍රහාරයක්
වත්මන් ආණ්ඩුව බලයට පත්වීමට පෙර උපාධිධාරීන් 35,000කට රැකියා ලබාදෙන බවට පොරොන්දු වූ නමුත්, මේ වනවිට එම උපාධිධාරීන් අමතක කර දමා ඇති බව සාවින්ද්‍යා එදිරිමාන්න මහත්මිය පවසයි.
ඇය සඳහන් කළේ, එම උපාධිධාරීන්ගෙන් වැඩ ලබාගැනීමෙන් අනතුරුව ඔවුන්ගේ ගැටලු සම්බන්ධයෙන් නිසි අවධානයක් යොමු නොකරන තත්ත්වයක් දක්නට ලැබෙන බවයි.
ඇය මේ බව සඳහන් කළේ අනුරාධපුරයේ පැවැත්වෙන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජන පීඩක ආණ්ඩුවේ රුදුරුබල බිඳින ජනසටන අනුරාධපුර මහා ජන රැළිය අමතමිනි.
තව දුරටත් ඇය සදහන් කළේ මෙවැන්නකි .
"සිංහයා අනුරාධපුරයට '' නාමල් බන්ධනාගාරයේ සිටියදී මහින්ද වෙනුවෙන් තිස්සකුට්ටිආරච්චි සමාජ මාධ්‍යයට මුදාහළ ආන්දෝලනාත්මක වීඩියෝව
''එදා මේ රට තිබුණු අනුරාධපුරය නෙමේ දැන් තියෙන්නේ . ඉස්සර ත්‍රස්තවාදී ප්‍රහාර . කීදෙනෙක්නම් කපලා කොටලා ඝාතනය කළාද ? මායිම් ගම්මාන වලට කොච්චර ප්‍රහාර එල්ල කළාද ?
මේරටේ රාජ්‍ය සේවකයගේ , ධිවර ගොවි ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂනයේ එකම පිළිසරණ නිදහස් සෞඛ්‍ය වෙච්චී නිදහස් සෞඛ්‍යට වැට බැදෙන්න යනවද කියලා ප්‍රශ්නයක් තියනවා .
ආණ්ඩුවේ කතා අහද්දී මේ ගොල්ලෝ එන්න කළින් පොරොන්දු දුන්නා සෞඛ්‍ය අදාළ මාන සම්පත පුවනවා කියලා. ඒ වගේම සුදුසුකම් තියන කථිකාචාර්‍ය මහාචාර්‍යවරු පිටරට වල යනවා .
මහා බුද්ධි ගලනයක් වෙනවා . විශ්වවිද්‍යාල 50 ක් හදනවට එකගයි .තව ප්‍රශ්න තියනවා ඒවත් විසදලා ඉන්න .
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගෙනාව ඒවා අකුල ගන්න වුණා . මේ ආණ්ඩුවේ බහුතරයක් රාජ්‍ය විශ්වවිද්‍යාල වලින් ආපු අය හැබැයි. ඒ ගොල්ලන්න්ට උපාධිධාරීන් අමතක වෙලා . උපාධිධාරීන් 35000ටම රැකියා දෙනවා කිව්වා එයාලගෙන් වැඩ ගත්තා. අද ඒ ගොල්ලන්ට ෆේස්බුක් එකෙන් උත්තර දෙන්නේ කුණුහරපෙන් ''