වසර 55 කට පසුව MV Noongah අභිරහස විසදේ ..

By Piyumika Jul 25, 2024 07:34 AM GMT
Report

මිනිසුන් 21 දෙනෙකුට මරු කැඳවමින් වසර පනස් පහකට පෙර අතුරුදන් වූ ඕස්ට්‍රේලියාවේ MV Noongah නෞකාවේ සුන්බුන් සොයා ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කලේය .

මීටර් 71 (අඩි 233) දිගින් යුත් මෙම ප්‍රවාහන නෞකාව නිව් සවුත් වේල්ස් වෙරළට ඔබ්බෙන් වානේ රැගෙන යමින් සිටියදී 1969 දී කුණාටු සහිත කාලගුණයකට හසුව අනතුරට ලක්ව තිබේ .

ඉහළ වටිනාකමකින් යුත් දුර්ලභ ගණයේ ගජ මුතු දෙකක් අලෙවි කිරීමට සූදානම් වූ ජාවාරම්කරුවකු අත්අඩංගුවට..

ඉහළ වටිනාකමකින් යුත් දුර්ලභ ගණයේ ගජ මුතු දෙකක් අලෙවි කිරීමට සූදානම් වූ ජාවාරම්කරුවකු අත්අඩංගුවට..

යාත්‍රාව ගිලී පැය කිහිපයකින් කාර්ය මණ්ඩලයේ 26 දෙනාගෙන් පස් දෙනෙකු සොයාගෙන ඇති අතර, එතැන් සිට සෙසු කාර්ය මණ්ඩලයේ සහ නෞකාවේ ඉරණම අභිරහසක් විය.

ප්‍රදේශවාසීන් ප්‍රථම වරට සුන්බුන් දැක ඇත්තේ, සිඩ්නි නගරයට උතුරින් කිලෝමීටර් 460ක් (සැතපුම් 286ක්) පමණ දුරින් සවුත් වෙස්ට් රොක්ස් වෙරළට ඔබ්බෙන්ය.

නාවික හමුදාවට පහරදී සැකකටයුතු ධීවර යාත්‍රාවක් පලා යයි..

නාවික හමුදාවට පහරදී සැකකටයුතු ධීවර යාත්‍රාවක් පලා යයි..

එම සුන්බුන් MV Noongah නෞකාවේ බවට බොහෝ කලක සිට සැක පහළ වී ඇති නමුත්, නෞකාව හඳුනා ගැනීමට අවශ්‍ය තාක්‍ෂණය හෝ කිමිදුම් දැනුම නොමැති බව වාර්තා විය.

නමුත් පසුගිය මාසයේ පොදුරාජ්‍ය මණ්ඩලීය විද්‍යාත්මක හා කාර්මික පර්යේෂණ සංවිධානයට (CSIRO) අයත් අධි තාක්‍ෂණික නෞකාවක් මෙහි වැඩිදුර විමර්ශන සිදුකර තිබෙනවා. පසුව ඔවුන්හට් මීටර් 170ක් පහළින් මුහුදු පත්ලේ තිබී සුන්බුන් සොයා ගැනීමට හැකි වී තිබේ .