පාසල් දරුවන්ට දුන් බත් පතේ පනුවෝ

By Shehan Mar 05, 2025 06:23 AM GMT
Shehan

Shehan

Report

කලුතර නගර මධ්‍යයේ පිහිටී මිශ්‍ර පාසලක දරුවන්ට උදේ ආහාරය සදහා ලබාදුන් බත් පාර්සලයේ මාළු වල පනුවන් සිටී බවට ලද තොරතුරකට අනුව කලුතර සෞඛ්‍ය අංශ පරීක්ෂණ ආරම්භ කර තිබේ.

දරුවන් පෙරේදා(03දා) ආහාරය ලබාගැනීමට සූදානම් වීමේදී එක් දරුවෙකු මාළු වල පනුවන් දැක ආහාර බෙදාදීම සඳහා නම්කර සිටී මවකට දැනුම් දීමෙන් පසු පංති භාර ගුරුතුමිය දැනුවත් කර විදුහල්පතිවරයා දැනුවත් කිරීමටද පියවර ගෙන ඇති බව දෙමාපියන් පවසති.

දරුවන් ඒ අනුව මාළු කෑලි බත් පාර්සල් වලින් ඉවත්කර අනෙක් එහි තිබූ පරිප්පු සහ කොල මැල්ලුමක් සමග බත් ආහාරයට ගෙන ඇති බවද වාර්තාවේ.

නෑ කිව්වට මේ ආණ්ඩුවත් පළිගන්නවා - විපක්ෂනායක

නෑ කිව්වට මේ ආණ්ඩුවත් පළිගන්නවා - විපක්ෂනායක

මේ අනුව ආහාර සැපයුම් කරුගේ සේවාව වහාම ක්‍රියාත්මක වන පරිදි අත් හිටුවීමටද සෞඛ්‍ය අංශ පියවර ගෙන ඇතැයිද සදහන් වේ.

ඊයේ දින සෞඛ්‍ය අංශ බළධාරින් ගේ උපදෙස් පරිදි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පාසලට ගොස් ප්‍රකාශ සටහන් කරගත් බවද පාසලේ ප්‍රකාශකයෙක් පැවසීය.


මේ පිළිබද විමසීමේදී කළුතර අධ්‍යාපන උසස් බළධාරියෙක් සදහන් කලේ සිද්ධිය සම්බන්දයෙන් සෞඛ්‍ය අංශ වෙතින් මෙන්ම කලුතර කලාප අධ්‍යාපන කාර්යාලයෙන්ද පරීක්ෂණයක් ක්‍රියාත්මක බවයි.

ReeCha