ඉන්දියාව එල්ල කළ ප්‍රහාරයෙන් එළියට එන තොරතුරු
මුසාෆ්ෆරබාද්හි පිහිටි ලෂ්කර් මූලස්ථානය ඉන්දියානු මිසයිල් පහරින් පසු දැඩි හානියට ලක්ව ඇත.
එහි මාධ්‍ය ආයතනය විසින් නිකුත් කළ වීඩියෝ පටවලින් විනාශ වූ ගොඩනැගිලි සහ සුන්බුන් දක්නට තිබු අතර ඉන්දියානු යුද හමුදාව, නාවික හමුදාව සහ ගුවන් හමුදාව එක්ව සිදුකළ ත්‍රිවිධ සේනා මෙහෙයුමක් ලෙස මෙය වාර්තා වෙයි.
මෙලෙස 2025 මැයි 7 වන දින උදෑසන 1.44 ට, ප්‍රහාරය සිදුකර ඇත්තේ පාකිස්තානය සහ පාකිස්තාන අධීක්ෂණය යටතේ ඇති කාෂ්මීරයේ ත්‍රස්තවාදී ව්‍යුහයන් මුලික කරගෙන බව විදෙස් මාධ්‍ය පවසයි.
මෙය සිවිල් පුද්ගලයන් 26 දෙනෙකු මියගිය 2025 අප්‍රේල් 22 දින පාල්ගාම්හි සිදු වූ ප්‍රහාරයට ප්‍රතිචාරයක් ලෙස සිදුකළ බව වාර්තා වේ.
ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝදි, පාකිස්තානයට එරෙහි මෙහෙයුම පුරාම අධීක්ෂණය කරන බවයි විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ. ඉන්දියාව, පාකිස්තානය සහ පාකිස්තාන අධීක්ෂණය යටතේ ඇති කාෂ්මීරයේ සිට සැලසුම් කරනු ලැබූ සහ නියෝජනය කරන ලද ත්‍රස්ත ප්‍රහාරවලට පිටුපස සිටින පදනම් ස්ථානවලට පහර දී ඇති අතර 'ඔපරේෂන් සින්දූර්' නමින් හැඳින්වූ මෙම පහරදීම්වලදී මුළුමනින්ම ස්ථාන 9 ක් ඉලක්ක කර සිදු කර ඇත.
"අපගේ ක්‍රියාමාර්ග මූලිකව, මැනවින් සිදු කරන ලදී. පාකිස්තාන යුද හමුදා පහසුකම් කිසිවක් ඉලක්ක කර නොමැත. ඉලක්කයන් තෝරා ගැනීමේදී සහ ක්‍රියාත්මක කිරීමේදී ඉන්දියාව විශාල සීමාවක් පෙන්වා ඇත.මෙම ප්‍රහාරයට වගකිවයුතු අය වගකිවිය යුතුය" යැයි ඉන්දියානු යුද හමුදාව පවසයි.
පාකිස්තානේ ISPR අධ්‍යක්ෂ ජනරාල් ලුතිනන් ජෙනරාල් අහමඩ් ශරීෆ් චෞධරි පවසන්නේ, ඉන්දියාව කෝට්ලි, මුරිඩ්කේ, බහාවල්පූර්, චක් අම්රු, බිම්බර්, ගුල්පූර්, සියල්කෝට් සහ මුසාෆ්ෆරබාද්හි ස්ථානවලට පහර දී ඇති බවයි.
සියල්කෝට්, බහාවල්පූර්, චක් අම්රු සහ මුරිඩ්කේ ජාත්‍යන්තර සීමාවට එපිට පිහිටා ඇත. එමෙන්ම ඉන්දියාව විසින් ඉලක්ක කරනු ලැබූ අනෙකුත් ස්ථාන සියල්ලම පාකිස්තාන අධීක්ෂණය යටතේ ඇති කාෂ්මීරයේ සීමා රේඛාවට එපිට පිහිටා ඇත.
මුරිඩ්කේ යනු, හෆිස් සාඒඩ් විසින් නඩත්තු කරන ලෂ්කර්-ඒ-තායිබා ත්‍රස්තවාදී කණ්ඩායමේ මූලස්ථානය බවත් පාකිස්තානයේ පන්ජාබ් පළාතේ පිහිටි බහාවල්පූර් යනු, මසුද් අස්හර් විසින් නඩත්තු කරන ජයිෂ්-ඒ-මොහමඩ් සංවිධානයේ මූලස්ථානය බවත් වැඩිදුර තොරතුරු වාර්තා වේ.
