උතුරු නැගෙනහිර අනා ගත් ආණ්ඩුව (VIDEO)
මෙවර පළාත් පාලන මැතිවරණ ඡන්ද විමසීමට අඳාළ නිල ඡන්ද ප්‍රතිඵල මේ වන විටත් විශාල ප්‍රමාණයක් නිකුත් වී අවසන්.
එම ප්‍රතිඵලවලට අනුව දක්නට ලැබුණේ මෙවර ජාතික ජන බලවේගයට, පෙර මහ මැතිවරණයේ මෙන් උතුරු සහ නැගෙනහිර පළාත්වල බලය තහවුරු කර ගැනීමට නොහැකි වූ බවයි.
ඒ දෙමළ ජනතාවගේ සහයෝගය ආණ්ඩු පක්ෂයට නොලැබී ගිය නිසාවෙන්.
මේ පිළිබඳව විමසා බැලීමට අප උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී. බී විග්නේෂ්වරම් මහතා දුරකථනය ඔස්සේ සම්බන්ධ කර ගත්තෙමු.
එහි දී ඔහු පවසා සිටියේ දෙමළ ජනතාවට ආණ්ඩු පක්ෂය විසින් ලබා දුන් පොරොන්දු ඉටු කර නොමැති බවයි.
එය මෙවර ආණ්ඩු පක්ෂය උතුරු සහ නැගෙනහිර පළාත්වලින් පසුබෑමකට ලක් වීමට ප්‍රධාන වශයෙන් හේතු විය.
එහි දී ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ ආණ්ඩු පක්ෂය පැවසූ ලෙස දෙමළ ජනතාවට ලබා දෙන බව පැවසූ ඉඩම් අයිතිය සහ නිදහස් කරන බව පැවසූ දේශපාලන සිරකරුවන් පිළිබඳ මෙතෙක් තවමත් කිසිදු පියවරක් ගෙන නොමැති බවයි.
මෙම හේතු කාරණා නිසා උතුරු සහ නැගෙනහිර පළාත්වල දෙමළ ජනතාව මෙවර තම ඡන්ද අයිතිය දෙමළ දේශපාලන පක්ෂ වෙනුවෙන්ම භාවිත කර ඇති බව ඔහු එහි දී පැවසුවේය.
