වැඩියෙන්ම හම්බ කරන ක්‍රීඩකයින් කවුද කියලා මෙතෙක් කාලෙකට දැනගෙන හිටිය ද?. පුදුම හිතෙන ගාණක්..
ලොව වැඩිම වැටුප් උපයන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ලැයිස්තුවේ පළමු තැනට නැවත වතාවක් පත් වීමට පෘතුගාල සුපිරි පාපන්දු තරුව වන ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සමත් ව තිබෙනවා.
ඒ සුප්‍රකට ෆෝබ්ස් සඟරාව විසින් ඉකුත් බ්‍රහස්පතින්දා එළිදැක් වූ වාර්තාවට අනුවයි.
රොනාල්ඩෝ සෞදි අරාබියේ අල්-නසාර් ක්‍රීඩා සමාජය හා ගිවිසුම්ගතව සිටියි.
එමෙන්ම, ඉකුත් මාස 12ක කාලය තුළ සිය වැටුප් වශයෙන් ඩොලර් මිලියන 260ක් උපයා ඇති බව සඳහන් වේ.
තව ද, එයට ක්‍රීඩා වැටුප් ඩොලර් මිලියන 200ක් සහ පිටියෙන් පිටත් ඉපැයුම් ලෙස ඩොලර් මිලියන 60ක් ද උපයා ඇත.
39 වැනි වියෙහි පසුවන රොනාල්ඩෝ සිව් වැනි වතාවටත් මෙම ලැයිස්තුවේ ප්‍රමුඛයා බවට පත්ව සිටිම විශේෂත්වයක් වේ.
සුපිරි ගොල්ෆ් ක්‍රීඩක ජෝන් රහම් ඔහුට දෙවැනි වේ.
ඒ අනුව ෆෝබ්ස් සඟරාව රහම්ගේ මුලු ඉපැයුම් ලෙස ඩොලර් මිලියන 218ක් ගණන් බලා තිබෙනවා.
ඉන් ඩොලර් මිලියන 198ක් ක්‍රීඩා වැටුප් හරහා උපයා ගනු ලැබූ බව වාර්තා වේ.
මෙම ලැයිස්තුවේ තුන්වැනි ස්ථානයේ පසුවන්නේ ආර්ජන්ටිනාවේ සුපිරි පාපන්දු තරුව වන ලියොනල් මෙසී වේ.
අදාළ කාලය තුළ ඔහුගේ සමස්ත ඉපැයුම් ප්‍රමාණය ඩොලර් මිලියන 135ක් වේ.
එයින් ඩොලර් මිලියන 65ක් ක්‍රීඩා වැටුප් වන අතර ඩොලර් මිලියන 70ක් පිටියෙන් පිටත ඉපැයුම් ලෙස ෆෝබ්ස් සඟරාව ගණන් බලා ඇති බව සඳහන් වේ.
කෙසේ වෙතත්, ෆෝබ්ස් සඟරාව විසින් එළි දක්වා ඇති මෙම ලැයිස්තුවේ පළමු ක්‍රීඩකයන් දස දෙනාගේ ම වාර්ෂික ඉපැයුම් ඩොලර් මිලියන සියය ඉක්මවා තිබීම විශේෂත්වයක් වේ.
එම ඉපැයීම් පිළිබඳ විස්තරය පහතින්,
Cristiano Ronaldo (soccer) - $260 million
Jon Rahm (golf) - $218 million
Lionel Messi (soccer) - $135 million
LeBron James (basketball) - $128.2 million
Giannis Antetokounmpo (basketball) - $111 million
Kylian Mbappé (soccer) - $110 million
Neymar (soccer) - $108 million
Karim Benzema (soccer) - $106 million
Steph Curry (basketball) - $102 million
Lamar Jackson (football) - $100.5 million