සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයෙක්ට තරඟ තහනමක් එක්ක දඩයක්.. සෙසු අය ගැනත් වහාම තීරණයක් අරන් මෙන්න.(PHOTOS)
By krishani
මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ නායක හර්දික් පාණ්ඩ්‍යාට තරග තහනමක් සහ දඩ මුදලක් නියම කර තිබෙනවා.
ඒ ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් ය.
එයට හේතුව ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ඊයේ (17) සහභාගී වූ අවසන් තරගයේ දී අඩු පන්දුවාර වේගයක් පවත්වාගෙන යාමයි.
ඒ අනුව හර්දික් පාණ්ඩ්‍යාට දඩයක් හා එක් තරග තහනමක් පනවා තිබෙනවා.
එමෙන්ම කණ්ඩායමේ සෙසු ක්‍රීඩකයින්ට ද ඉන්දීය රුපියල් ලක්ෂ 12ක දඩයක් හෝ තරග ගාස්තුවෙන් 50%ක් නියම කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ය.
අවස්ථා 05ක දී අයි.පී.එල් ශූරතාව හිමිකරගෙන ඇති මුම්බායි ඉන්දියන් කණ්ඩායමට මෙවර තරගාවලියේ ජයගැනීමට හැකිවූයේ නියමිත තරග 14න් 04ක් පමණක් වේ.
ඒ හේතුවෙන් ඔවුන් ප්‍රසාද ලකුණු සටහනේ අවසන් ස්ථානයට පත් විය.