බලන්න මේ විලාසිතා දැක්මේ ඉන්න නිරූපන ශිල්පීන් කව්ද කියලා..(VIDEO)

Report

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ඇතුළු ප්‍රසිද්ධ ලෝක නායකයන් සහ තාක්ෂණික ලෝකයේ දැවැන්තයන්ගේ රුව යොදා ගනිමින් කෘත්‍රිම බුද්ධි තාක්ෂණයෙන් නිර්මාණය කරන ලද විලාසිතා දැක්මක වීඩියෝවක් ටෙස්ලා සමාගමේ නිර්මාතෘවරයකු මෙන්ම ප්‍රධාන විධායක නිලධාරියා ද වන ඊලෝන් මසක් ඔහුගේ එක්ස් සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ ලෝකයා සමග බෙදා හදා ගෙන තිබේ .

ලක්ෂ පහෙන් ලක්ෂ දෙකක අත්තිකාරම් අල්ලසක් ගද්දී ඉඩම් නිලධාරියා මාට්ටු ..

ලක්ෂ පහෙන් ලක්ෂ දෙකක අත්තිකාරම් අල්ලසක් ගද්දී ඉඩම් නිලධාරියා මාට්ටු ..

නව අදහස් ක්‍රියාත්මක කිරීමට කිසිම විටකත් බිය නොවන ඊලෝන් මස්ක් "කෘත්‍රිම බුද්ධි විලාසිතා දැක්මකට මේ වේලාවයි" ලෙස පවසමින් ඔහු එක්ස් සමාජ මාධ්‍ය ඔස්සේ මෙම වීඩියෝව බෙදා හදා ගෙන තිබූ අතර එම වීඩියෝව ලක්ෂ 350 කට වැඩි පිරිසක් නරඹා තිබිණි .

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, මාර්ක් සකර්බර්ග්, චීන ජනාධිපති ෂි ජින්පින්, ෆ්‍රැන්සිස් පාප්තුමාගේ රුව සහ ඊලෝන් මස්ක් ඔහුගේ රුව ද මෙම විලාසිතා දැක්ම සඳහා යොදාගෙන තිබේ.

මල් ශාලාවක් උනු ෆාමසිය..

මල් ශාලාවක් උනු ෆාමසිය..

අනාගතයේදී ඔවුන් ඇඳ පැළඳ සිටි හැකි ඇඳුම් ආයිත්තම් උපකල්පනය කර කෘත්‍රිම බුද්ධි තාක්ෂණයෙන් නිර්මාණය කෙරුණ විලාසිතා දැක්මේ වීඩියෝව නිර්මාණය කර තිබිණි.

කපාකොටා ඝාතනය කර ත්‍රීරෝද රථයක දමා ගිය මළසිරුරක් හමුවෙයි ..

කපාකොටා ඝාතනය කර ත්‍රීරෝද රථයක දමා ගිය මළසිරුරක් හමුවෙයි ..

විනාඩි එකයි තත්පර විසි තුනක් පුරා දිවෙන වීඩියෝවේ ඔවුන් එම ඇදුම් වලින් සැරසී වේදිකාවේ ඇවිද එන අයුරු දැකගත හැකියි.