මල් ශාලාවක් උනු ෆාමසිය..

By Piyumika Jul 23, 2024 02:30 AM GMT
Report

යාපනය නගරයේ පවත්වා ගෙන යන පෞද්ගලික ඔසුසලක් තුළ මෘත දේහයක් දින දෙකක් තිස්සේ තබා ගෙන පසුව ආදාහනය කිරීමේ සිද්ධියක් වාර්තා වී තිබේ.

කපාකොටා ඝාතනය කර ත්‍රීරෝද රථයක දමා ගිය මළසිරුරක් හමුවෙයි ..

කපාකොටා ඝාතනය කර ත්‍රීරෝද රථයක දමා ගිය මළසිරුරක් හමුවෙයි ..

ඒ අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් යාපනය සෞඛ්‍ය නිලධාරීන් විසින් ඊයේ (22) පරීක්ෂණයක් ආරම්භ කොට ඇත.

මෙම ඔසුසල යාපනය නගරයේ නිවසක පවත්වා ගෙන යන අතර, එහි අයිතිකරුගේ මාමණ්ඩිය මියයාමෙන් අනතුරුව අවමංගල උළෙල පවත්වා ඇත්තේ එම ඔසුසල තුළ බවයි පැවසෙනුයේ.

ලක්ෂ පහෙන් ලක්ෂ දෙකක අත්තිකාරම් අල්ලසක් ගද්දී ඉඩම් නිලධාරියා මාට්ටු ..

ලක්ෂ පහෙන් ලක්ෂ දෙකක අත්තිකාරම් අල්ලසක් ගද්දී ඉඩම් නිලධාරියා මාට්ටු ..

එම ඔසුසල තිබූ ඇතැම් ඖෂධ වර්ග රාක්කවලින් ඉවත් කොට මෘත දේහය තැම්පත් කර තැබීම සඳහා කටයුතු කර තිබේ.

මේ සම්බන්ධයෙන් එම ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන්ට පැමිණිල්ලක් ලැබී ඇති අතර, එම නිලධාරීන් පැමිණිල්ලට අනුව පරීක්ෂණ කටයුතු ආරම්භ කොට තිබේ .