ලක්ෂ පහෙන් ලක්ෂ දෙකක අත්තිකාරම් අල්ලසක් ගද්දී ඉඩම් නිලධාරියා මාට්ටු ..

Report

ඉඩම් ඔප්පුවක් පිළියෙල කිරීමට ව්‍යාපාරිකයකුගෙන් රුපියල් ලක්ෂ 02ක අල්ලසක් ලබා ගත් කැකිරාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඉඩම් අංශයේ නිලධාරියකු අල්ලස් නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

කැකිරාව ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු විසින් අල්ලස් නිලධාරීන්ට කර තිබූ පැමිණීල්ලකට අනුව සිදුකළ වැටලීමකදී සැකකාර ඉඩම් නිලධාරීයා අත්අඩංගුවට ගත් බව අල්ලස් කොමිසම පැවසුවේය.

මෙවර ජනාධිපතිවරණ අපේක්ෂකයා ගැන දමිළ පක්ෂවලින් ගත් අලුත්ම තීරණය ..

මෙවර ජනාධිපතිවරණ අපේක්ෂකයා ගැන දමිළ පක්ෂවලින් ගත් අලුත්ම තීරණය ..

ඉඩම් ඔප්පුවක් සැකසීම සඳහා සැකකාර ඉඩම් නිලධාරියා විසින් කැකිරාව ප්‍රදේශයේ ව්‍යාපාරිකයාගෙන් රුපියල් ලක්ෂ 05ක අල්ලස් මුදලක් ඉල්ලා තිබූ අතර එයින් රුපියල් ලක්ෂ දෙකක මුදලක් ඊයේ (22) දිනයේ අදාළ ඉඩම් නිලධාරියා විසින් ලබා ගත් අවස්ථාවේ දී අල්ලස් කොමිසම විසින් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.

හදිසි සෞඛ්‍ය තත්ත්වයක්..ආයෙමත් ලොක්ඩවුන් කරයිද..

හදිසි සෞඛ්‍ය තත්ත්වයක්..ආයෙමත් ලොක්ඩවුන් කරයිද..

සැකකරු 33 හැවිරිදි පොළොන්නරුව, කුසුම්පොකුණ ප්‍රදේශයේ පදිංචිකරුවකු බව සඳහන්ය.

අත්අඩංගුවට ගත් සැකකරු කැකිරාව මහෙස්ත්‍රාත් අධීකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අගෝස්තු මස 02 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත .