ඉනිමේ ආරම්භය සුබ නොවුණත් ඉන්දියානුවන් එකතු වී ඕස්ට්‍රේලියානුවන්ට කළ දේ - ඊයේ මැච් එකේ සුපිරි උණුසුම මෙන්න.. (PHOTOS)
By krishani
ඊයේ (08) විරාත් කෝලි සහ කේ එල් රාහුල්ගේ සුපිරි පිතිහරඹය හේතුවෙන් ඔස්ට්‍රේලියාව පරදවා විශිෂ්ට ජයක් ලබා ගැනීමට ඉන්දියාව සමත් විය.
ඊයේ තරගය චෙන්නායි හි දී පැවැත්වුණු අතර කාසියේ වාසිය හිමි වූයේ ඔස්ට්‍රේලියාවටයි.
ඒ අනුව පළමුව පන්දුවට පහරදීමට ඕස්ට්‍රේලියාව තීරණය කළ අතර ඔවුන්ට ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 199ක් පමණී.
නමුත් ඉන්දීය ඉනිමේ ආරම්භය සුබ නොවූ අතර ඔවුන්ගේ පළමු කඩුලු 3ම ලකුණු 2කට දැවී ගියේ ය.
ඉෂන් ක්‍රිෂන්, නායක රෝහිත් ශර්මා සහ ශ්‍රේයස් අයියර් ලකුණු ලබාගැනීමට අපොහොසත් වූ අතර පසුව එක් වූ කෝලි සහ රාහුල් ඉන්දියාව ජයග්‍රහණය කරා ගෙන ගියේ ය.
ඒ අනුව ඔවුන් දෙදෙනා සිව් වැනි කඩුල්ල සඳහා ලකුණු 165ක් එක් කළහ.
ඒ අනුව තරගය කඩුලු 6කින් ජය ගැනීමට ඉන්දියාව සමත් විය.
කෙසේ වෙතත්, ඉන්දියාව තරගය ජයග්‍රහණය කළේ පන්දු ඕවර 41.2ක දී ය.




