ලංකාවට ලෝක බැංකුවෙන් ඩොලර් බිලියනයක ආධාර පැකේජයක්

Report

මෙරට සංචාරයේ යෙදී සිටින ලෝක බැංකු සභාපති අජේ බංගා (Ajay Banga) මහතා ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් බිලියනයක ආධාර පැකේජයක් ලබාදෙන බව පවසා තිබේ.

ලෝක බැංකු සමූහයේ විසින් නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ වසර තුනක් තුළ මෙම ආධාර පැකේජය ලබා දීමට කටයුතු කරන බවත් ඒ තුළින් රැකියා සහ ආයෝජන සඳහා ඉහළ විභවයක් ඇති අංශ වන බලශක්තිය, කෘෂිකර්මාන්තය, සංචාරක සහ කලාපීය සංවර්ධනය ඉලක්ක කර ගනිමින් බවයත්ය.

කොළඹ පුරපතිකම වෙනුවෙන් සියලු කණ්ඩායම් සජබෙට සහය?

කොළඹ පුරපතිකම වෙනුවෙන් සියලු කණ්ඩායම් සජබෙට සහය?

ලෝක බැංකු සමූහයේ සභාපති අජේ බංගා මහතා සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර අද (07) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවති හමුවෙන් පසුව මේ බව නිවේදනය කර ඇත.

එම නිවේදනයේ සඳහන් පරිදි ඉදිරි දශකය තුළ තරුණයින් මිලියනයකට ආසන්න සංඛ්‍යාවක් ශ්‍රී ලංකාවේ ශ්‍රම බලකායට ඇතුළු වනු ඇතැයි ලෝක බැංකුව ඇස්තමේන්තු කර ඇති නමුත් එම කාලය තුළ රැකියා 300,000 ක් පමණ නිර්මාණය වනු ඇතැයි පුරෝකථනය කර ඇත.

ව්‍රායිට කොළඹ පුරපතිකම හීනයක් වෙයි?

ව්‍රායිට කොළඹ පුරපතිකම හීනයක් වෙයි?