ලෝක බැංකු සභාපතිගෙන් අනතුරු ඇඟවීමක්..

World Bank
By krishani Oct 11, 2022 02:40 AM GMT
krishani

krishani

Report

වේගවත් උද්ධමනය, පොලී අනුපාත ඉහල නැංවීම, වර්ධනය අඩාල කිරීමට මහ බැංකු බල කිරීම ආදී හේතු නිසා ලබන වසරේ දි ලෝක ආර්ථික අවපාතයක් ඇතිවීමේ ඉහළ අවදානමක් පවතින බව ලෝක බැංකු සභාපති ඩේවිඩ් මල්ෆාස් පැවසීය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ ඊයේ (10) ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ 2022 වාර්ෂික ඒකාබද්ධ සමුළුව අමෙරිකාවේ වොෂිංටන් හිදී ආරම්භ කරමින් ය.

එළඹෙන 16 වනදා දක්වා පැවැත්වෙන මෙම සමුළුවට ලොව සෑම රටකම මහ බැංකු අධිපතිවරුන්, මුදල් අමාත්‍යවරුන්, පෞද්ගලික අංශයේ සහ සිවිල් සමාජ නියෝජිතයින් විශාල පිරිසක් සහභාගී වේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join