කම්කරුවන් පිරිසකට දරුණු බඹර ප්‍රහාරයක් - පිරිසක් රෝහලට

Report

හැටන් ප්‍රදේශයේ ඇබොස්ලි වතුයායේ සේවය කරමින් සිටි මතු කම්කරු කාන්තාවන් තුන්දෙනකුට හා ශ්‍රේෂ්ඨ නිලධාරියකුට දරුණු බඹර ප්‍රහාරයක් එල්ල වී තිබේ.

ඒ අනුව බරපතල ලෙස තුවාල ලැබූ ඔවුන් දික්ඔය ග්ලැන්කන් දිස්ත්‍රික් මූලික රෝහලට ඇතුළත් කර තිබේ.

මෙම පිරිස වතුයායේ සේවය කරමින් සිටින අතරතුරේදී එහි බැඳ තිබූ බඹර කූඩුවක් හදිසියේ ඇවිස්සීමෙන් එහි සිටි බඹරුන් විසින් සිදු කරන ලද පහරදීමෙන් මෙම අවාසනාවන්ත ඉරණමට මුහුණ දී ඇත.

තවත් රාජ්‍ය සේවක දීමනාවක් ඉහළට

තවත් රාජ්‍ය සේවක දීමනාවක් ඉහළට

අනතුරු ඔවුන් සියළුම දෙනා රෝහල්ගත කිරීමට පියවර ගෙන තිබේ.

මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු දික්ඔය ග්ලැන්කන් දිස්ත්‍රික් මුලීක රෝහලේ නිලධාරියකු පවසන ලද්දේ 18වන දින සිදුවු බබර ප්‍රහාරයකින් තුවාල ලැබු පිරිමි පුද්ලයකු හා කාන්තාවන් තිදෙනකු රෝහල් ගත කර ඇති බවයි.

එම තුවාලකරුවන්ගේ තත්වයන් බරපතල නොවන බවත් ඔවුන් මේ වන විට රෝහලේ නේවාසිකව ප්‍රථිකාර ලබන බවද එම නිලධාරියා වැඩි දුරටත් පැවසීය.  

ATM කාඩ් පාවිච්චි කරනවද? පරිස්සම් වෙන්න

ATM කාඩ් පාවිච්චි කරනවද? පරිස්සම් වෙන්න