මාරක අනතුරක් - කාන්තාවක් ජීවිතක්ෂයට - තිදෙනෙක්ට තුවාල

Report

ත්‍රීරෝද රථයක් පෙරළීමෙන් සිදුවූ අනතුරකින් කාන්තාවක් මිය ගොස් ඇති බව වාර්තා වේ.

ඒ අනුව ඊයේ (17) දින මෙම අනතුර සිදුව ඇති අතර ඉමදූව පොලිස් වසමේ 10 කණුව ප්‍රදේශයේදී මුලනකන්ද දෙස සිට සමගි මාවත දෙසට ධාවනය වූ ත්‍රීරෝද රථයක් රියදුරුට පාලනය කර ගත නොහැකිව බෑවුමකට පෙරළී යාමෙන් අඳාළ අනතුර සිදුව ඇත.

එම අනතුරින් රියදුරු ඇතුළු සිව් දෙනෙකු තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී මෙම කාන්තාව මිය ගොස් ඇති බව වාර්තා වේ.

මෙසේ මියගොස් ඇත්තේ අවුරුදු 36ක් වූ ඉමදූව ප්‍රදේශයේ පදිංචිකාරියක් වන අතර සිද්ධිය සම්බන්ධව වැඩිදුර විමර්ශන ඉමදූව පොලීසිය මඟින් සිදුකරයි.  

දෙවියනේ යතුරු පැදි රේස් එකෙන් තරුණයෙක් එතනම මරුට

දෙවියනේ යතුරු පැදි රේස් එකෙන් තරුණයෙක් එතනම මරුට

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නන්දන ගුණතිලක අභාවප්‍රාප්ත වෙයි

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නන්දන ගුණතිලක අභාවප්‍රාප්ත වෙයි

අද රටටම වෙන්නේ මේකයි - නුවරඑළියට විශේෂයි

අද රටටම වෙන්නේ මේකයි - නුවරඑළියට විශේෂයි