දුරකථන කණුවක් කඩා වැටී කාන්තාවකට දරුණු අනතුරක්
කොළඹ 05, Park Road හි බෝධිය අසල පිහිටි දුරකථන රැහැන් කණුවක් කඩා වැටීමේ අනතුරකින්, ඒ අසළ සිටි කාන්තාවකට තුවාල සිදුවී ඇති බවට වාර්තා වේ.
තුවාල ලැබූ කාන්තාව රෝහල්ගත කර ඇති අතර, ඔවුන්ගේ තත්වය බරපතල නොවන බවත් වෛද්‍යවරුන් පවසති. අනතුරෙන්, කණුව කඩා වැටීමේදී ඒ අසල තිබූ මෝටර් රථයක්ද හානියට පත් වී තිබේ.
මේ අනතුර සිදුවීමට හේතු වූයේ, ඒ අසළින් ගමන් ගත් රථයක් රැහැනකට පැටලීමයි. මෙම සිදුවීම නිසා, කණුව කඩා වැටීමෙන් ඉක්මනින්ම මාර්ගය තාවකාලිකව බාධා වී තිබේ.එය යාථා තත්ත්වයට පත්ව තිබේ.