ඉතිහාසයේ පළමු වරට විභාග කොමසාරිස් ජනරාල් පුටුවට කාන්තාවක්
අමාත්‍යාංශයේ තීරණයකට අනුව, ඉන්දිකා ලියනගේ මහත්මිය නව විභාග කොමසාරිස් ජනරාල්වරිය ලෙස පත් කිරීමට සැලසුම් කර ඇත.
මෙය ඉතිහාසයේ පළමු වරට එම ධුරයට පත්වන කාන්තාව ලෙස ඇය සටහන් වේ.
ඉන්දිකා ලියනගේ මහත්මිය අධ්‍යාපන පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරිනියකි.
මෙම තනතුර විශේෂ ශ්‍රේණියේ තනතුරක් වන අතර, දෙපාර්තමේන්තුවේ එම ශ්‍රේණිය දරන එකම නිලධාරිනිය ඇය බව වාර්තා වේ.
පාසල් විභාග රහස්‍ය අංශයේ පෙර පිළිවෙලින් රාජකාරි කළ ඉන්දිකා ලියනගේ මහත්මිය, විභාග දෙපාර්තමේන්තුවට පැමිණීමට පෙර කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලයේ සේවය කර ඇත.
මෙම ධුරය සඳහා තරගකාරී තත්ත්වයක් පැවති අතර, කොළඹ රාජකීය විද්‍යාලයේ හිටපු විදුහල්පති තිලක් වත්තුහේවා මහතා සහ විභාග දෙපාර්තමේන්තුවේ වසර 20ක පමණ සේවා අත්දැකීම් සහිත තවත් නිලධාරිනියක් ඊට ඉදිරිපත් වී තිබුණි.
එහෙත්, ඔවුන් දෙදෙනා අධ්‍යාපන පරිපාලන සේවයේ පළමු ශ්‍රේණියේ සිටියත්, විශේෂ ශ්‍රේණිය නොමැති වීම හේතුවෙන් ලියනගේ මහත්මිය තෝරා පත් කර ඇත.
වත්මන් විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා 2025 මැයි 6 වැනිදා විශ්‍රාම යාමට නියමිතය.
