රජයේ රෝහල්වල අමාරුම රෝගීන්ට දෙන ඉන්සියුලින් නෑ

Ministry of Health Sri Lanka Nalinda Jayatissa Sinhala news
By Shehan Apr 30, 2025 03:07 AM GMT
Shehan

Shehan

Report

උග්‍ර දියවැඩියා රෝගීන්ට හදිසි ප්‍රතිකාරයක් ලෙස ලබා දෙන සොලියුබල් ඉන්සියුලින් (Soluble Insulin) මේ වන විට රජයේ කිසිදු රෝහලක ඖෂධ ගබඩාවල නොමැති බැවින්, දියවැඩියා රෝගීන් තමන් භාවිත කරන ඖෂධ සහ පිළිවෙත් නිසි ලෙස ලබාගෙන රෝගය පාලනය කරගන්නා ලෙස විශේෂඥ වෛද්‍යවරු ඉල්ලා සිටිති.

රුධිරගත සීනි මට්ටම ඉතා ඉහළ ගියහොත් එය ක්ෂණිකව පාලනය කිරීමට සොලියුබල් ඉන්සියුලින් අත්‍යවශ්‍ය වුවත්, ඊයේ (අප්‍රේල් 29) වන විට මෙම ඖෂධය රජයේ රෝහල්වල කොතැනකවත් නොමැති අතර, ජාතික ඖෂධ තොරතුරු දත්ත පද්ධතියේ ද එය ශූන්‍ය බව පෙන්වයි.

මාස 4ට පාතාල වෙඩි තැබීම් 38කින් 27ක් මරුට

මාස 4ට පාතාල වෙඩි තැබීම් 38කින් 27ක් මරුට

දියවැඩියා රෝගීන්ගේ සීනි මට්ටම පාලනය සඳහා ඉන්සියුලින් වර්ග කිහිපයක් භාවිත වන අතර, සොලියුබල් ඉන්සියුලින් ක්ෂණිකව ක්‍රියාත්මක වන ඉන්සියුලින් වර්ගයකි.

විශේෂයෙන් දියවැඩියාව ජීවිත තර්ජනයක් වන තත්ත්වයකදී මෙම ඖෂධය නිර්දේශ වේ.

වෛද්‍යවරුන් පවසන පරිදි, අනෙකුත් ඉන්සියුලින් ශරීරයේ ක්‍රියාත්මක වීමට වැඩි කාලයක් ගතවන නමුත්, සොලියුබල් ඉන්සියුලින් මඟින් විනාඩි කිහිපයකින් සීනි මට්ටම පාලනය කර බරපතළ සංකූලතා කළමනාකරණය කළ හැකිය.

සාමාන්‍යයෙන් රාත්‍රි කාලයේ සීනි මට්ටම ඉහළ යෑම හේතුවෙන් ප්‍රධාන රෝහල්වල වාට්ටුවලට රෝගීන් දෙදෙනෙකුවත් ඇතුළත් වන අතර, ඔවුන්ගේ ජීවිත අවදානම කළමනාකරණයට මෙම ඖෂධය අත්‍යවශ්‍ය බව වෛද්‍යවරු පෙන්වා දෙති.

අපි හොරු අල්ලන ප්‍රමාධ නෑ - සුනිල් වටගල

අපි හොරු අල්ලන ප්‍රමාධ නෑ - සුනිල් වටගල

ඊයේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී, සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළේ, පසුගිය අප්‍රේල් 12 වන දා මාස තුනහමාරකට ප්‍රමාණවත් ඉන්සියුලින් තොග ගෙන්වූ බවත්, ඉදිරියේදී තවත් මාස දෙකකට ප්‍රමාණවත් තොග ගෙන්වන බවත් ය.

නමුත්, මාධ්‍ය හමුවේදි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක සහ සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්සගෙන් ඉන්සියුලින් හිඟයක් පිළිබඳව කළ විමසීමේදී ඔහු ප්‍රකාශ කළේ, මේ වනවිට මාස තුනහමාරකට පමණ ප්‍රමාණවත් ඉන්සියුලින් තොග පසුගිය අප්‍රේල් 12 වන දා ගෙන්වා ඇති බවය.

මෙම තත්ත්වය හමුවේ, විශේෂඥ වෛද්‍යවරු දියවැඩියා රෝගීන්ට තම රුධිරගත සීනි මට්ටම නිරන්තරයෙන් පරීක්ෂා කර, ඔවුන්ට නිර්දේශිත අනෙකුත් ඉන්සියුලින් වර්ග හෝ ඖෂධ නිසි ලෙස භාවිත කරමින් රෝගය පාලනය කරගන්නා ලෙස උපදෙස් දෙති.

දළදා වදින්න VIP පෝලිමේ පනස් හයදාහක් ගිහින්

දළදා වදින්න VIP පෝලිමේ පනස් හයදාහක් ගිහින්

එසේම, රෝග ලක්ෂණ උත්සන්න වුවහොත් වහාම ආසන්නතම රෝහලකින් හෝ වෛද්‍යවරයකුගෙන් ප්‍රතිකාර ලබා ගැනීමේ වැදගත්කම ද ඔවුහු අවධාරණය කරති.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඖෂධ තොග කළමනාකරණය සම්බන්ධයෙන් ගැටලු මතුව ඇති බවත්, විශේෂයෙන් සොලියුබල් ඉන්සියුලින් වැනි ජීවිත ආරක්ෂාවට අත්‍යවශ්‍ය ඖෂධවල හිඟය වළක්වා ගැනීමට කඩිනම් පියවර ගත යුතු බවත් වෛද්‍යවරු අවධාරණය කරති.

ReeCha