විමල්ගේ සත්‍යග්‍රහය අවසන් කරයි
ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා සහ සිවිල් සංවිධාන නියෝජිතයින් පිරිස විසින් ආරම්භ කර තිබූ අඛණ්ඩ සත්‍යග්‍රහය මේ වනවිට අවසන් වී තිබේ.
මෙම සත්‍යග්‍රහය ඊයේ ආරම්භ වුනේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය වහාම ඉල්ලා අස්කර ගන්නා ලෙසත්, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය අධ්‍යාපන අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවට බලකරමින් ය.
රජය පසුව 6 ශ්‍රේණියට අදාළ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ලබන වසර දක්වා කල් දමා ඇති බව ප්‍රකාශ කිරීමෙන් අනතුරුව, විමල් වීරවංශ මහතා මෙලෙස සත්‍යග්‍රහය නිම කළ බව වාර්තා වේ.