තෙල් මිල ඉහළ යද්දී ලංකාවේ සියලු සේවකයන් නිවසේ සිට වැඩට? - ඇමති වසන්තගෙන් දැනුම්දීමක්
වෙළෙඳ වාණිජ හා සමුපකාර අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවතින අර්බුදය හමුවේ ලොව සෙසු රටවල් නිවසේ සිට වැඩ කිරීමට යොමු වූව ද දැනට මෙරට තුළ ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය නොවන බව පවසයි.
ඔහු ඉදිරියේදී එවැනි ක්‍රියාමාර්ග ගැනීමට අවශ්‍ය වන්නේ නම් ඒ පිළිබඳව ද අවධානය යොමු කරන බව ද ප්‍රකාශ කළේය.
එමෙන්ම බලශක්තිය ද ආරක්ෂා කරගනිමින් ජනතාවට ඉදිරියට ගමන් කර හැකි වාතාවරණය නිර්මාණය කිරීමට රජය කටයුතු කරන බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
මීට අමතරව ගෑස් ගබඩාවක් ඉදිකිරීමට හා සපුගස්කන්ද හා මුදුරාජවෙල තෙල් ටැංකි ඉදිකරනවා සේම ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි දහය නවීකරණය කිරීමට කටයුතු කිරීමට නියමිත බව සඳහන්.
අමාත්‍යවරයා පවතින අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් ලෝක වෙළඳපොලේ මිල ඉහළ යාම තුළින් ආනයනික භාණ්ඩවල මිල ඉහළ යාමට පාරිභෝගික ජනතාවට මුහුණදීමට සිදුවන බව සඳහන් කළේය.
අමාත්‍යවරයා අමෙරිකානු ජනාධිපතිවරයා ඇතුළු ගැටුම් පවතින රාජ්‍යයන්වල නායකින් ගනු ලබන තීන්දු තීරණ අනුව ඉන්ධන මිල වෙනස් වන බව ද වැඩිදුරටත් සඳහන් කර තිබේ.