හැමදාම පරදින්න බෑ කියලා සජිත්ව අතහැරලා නව පක්ෂයක් හදයි?

Sajith Premadasa Sri Lanka Politician Samagi Jana Balawegaya Sinhala news gagana news
By Mithu Aug 21, 2025 03:20 AM GMT
Mithu

Mithu

Report

මේ වන විට සමගි ජන බලවේගය හෙවත් සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක වන විපක්ෂය පිළිබඳව එහි අභ්‍යන්තරයේ සිටින බොහෝ දෙනෙක් බොහෝ කලකිරීමෙන් සිටින බව සඳහන්වේ.

සමගෙ ජන බලවේගය ජයග්‍රාහී ප්‍රතිසංවිධානයක් සිදු නොකරන්නේ නම් එහි ඉන්නා සාමාජිකයන් නව පක්ෂයක් බිහි කිරීමට සූදානම් බව එම පක්ෂයේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජයසිරි මහතා සඳහන් කරයි.

නියෝජ්‍ය අමාත්‍ය අරුණගේ විශ්වාසභංගය නීතියට අනුකූලයි - විපක්ෂයේ පක්ෂ නායකයින් කියයි

නියෝජ්‍ය අමාත්‍ය අරුණගේ විශ්වාසභංගය නීතියට අනුකූලයි - විපක්ෂයේ පක්ෂ නායකයින් කියයි

ඒ වගේම සමගි ජන බලවේගය තුළ පවතින අභ්‍යන්තර ගැටලුකාරී තත්ත්වයන් පිළිබඳව ප්‍රසිද්ධිය සඳහන් කරමින් අදහස් දැක්වූ ඔහු ඇතැම් ජ්‍යෙෂ්ඨ සාමාජිකයන්ගේ ක්‍රියා කලාපය ද විවේචනය කළේය.

ඔහු වැඩිදුරටත් සඳහන් කරන පරිදි ආණ්ඩුවේ අසාර්ථකත්වය තුළින් විවිධ දේශපාලන කඳවුරුවලට තමන්ගේ වැරදි නිවැරදි කර ගනිමින් නැවත රට පාලනය කිරීමේ බලය ගොඩනගා ගැනීමට අවස්ථාවක් ලැබී ඇති බවයි. කෙසේ වෙතත්, දේශපාලන games සහ deal වලින් දේශපාලන කඳවුරු, රට සහ පක්ෂ බේරා ගැනීමේ අවශ්‍යතාවය පවතින බව ඔහු අවධාරණය කරයි.

රාජ්‍ය ආයතන වලට සතියක් සතියකින් මේ දේවල් අයින් කරන්න ඕනි

රාජ්‍ය ආයතන වලට සතියක් සතියකින් මේ දේවල් අයින් කරන්න ඕනි

පක්ෂ අභ්‍යන්තරය තුළ සාකච්ඡා විය යුතු, පැහැදිලි වෙනස්කම් සහ වැදගත්කම් කළ යුතු බවට ඔහු පක්ෂ නායකත්වයට බල කර සිටී. මන්ත්‍රීවරයා මැතිවරණවලදී දිගින් දිගටම පරාජය වීම ගැන සඳහන් කරමින්, තමන්ම ජනතාවගේ දෝෂාරෝපණයට හේතුව නම්, ජයග්‍රහණය කළ හැකි කණ්ඩායමකට මේ වගකීම භාර දිය යුතු බව ප්‍රකාශ කරයි.

තුළ සිටින ඇතැම් ජ්‍යෙෂ්ඨ නායකයින් ඔවුන්ගේ හීනමානය සහ තනතුරු ඔළුවෙහි තබාගෙන, ඒවා ඉටු කර ගැනීම සඳහා දේශපාලනික ක්‍රීඩා සහ ඩීල් දමන බවට චමින්ද විජේසිරි මහතා චෝදනා කරයි.

එසේම, සජිත් ප්‍රේමදාස මහතා විසින් ඔහුව, පක්ෂය සහ රට දිනවයි කියා පත් කර ඇති ඇතැම් තනතුරු පිළිබඳව අවධානය යොමු කළ යුතු බවත්, පාර්ලිමේන්තුව ඇතුළේ කතා කර, එළියට පැමිණ අත දී, හාදු දී, උම්මා දී තමන්ගේ දේශපාලන ක්‍රීඩා සහ ඩීල් රැක ගැනීමට කටයුතු කරන වැඩපිළිවෙළවලට විරුද්ධව පෙළ ගැසිය යුතු බවත් ඔහු පවසයි.

බොරැල්ල දෙසට ගමනාගමනය සීමා වෙයි

බොරැල්ල දෙසට ගමනාගමනය සීමා වෙයි

විජේසිරි මහතා වැඩිදුරටත් කියා සිටින්නේ, තනතුරු ගණනාවක් ප්‍රතිසංවිධානය විය යුතු බවත්, අයින් විය යුත්තේ කවුද යන්න නම් වශයෙන් ඉදිරියේදී ප්‍රකාශ කිරීමට තමන් බිය නොවන බවත්ය. මේ අතර, පක්ෂය තුළ සජිත් ප්‍රේමදාස, ආචාර්ය හර්ෂ ද සිල්වා, කබීර් හෂීම්, එරාන් වික්‍රමරත්න, මුජිබුර් රහමන්, හේශා විතාරණ, රජිත බී. පෙරේරා ඇතුළු යහපත් කණ්ඩායමක් නොසිටින්නේදැයි විජේසිරි මහතා ප්‍රශ්න කරයි. සමගි ජන බලවේගයේ නව කණ්ඩායම නිවැරදි දිශාවට ගමන් කළහොත් යහපත් බවත්, එසේ නොවුනහොත් වත්මන් ගැටලු තවදුරටත් උග්‍ර විය හැකි බවත් ඔහු පෙන්වා දෙයි.