ගමක් වනසපු සද්ධන්තයා

Report

15 දින අළුයම පමණ අග්බෝපුර පොලිස් වසමට අයත් සීනිපුර ගම්මානයට කඩා වැදුණු තනි අලියකු නිවාස දෙකකට හානි කළ බව ප්‍රදේශවාසීන් පවසයි.

ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ එක් නිවසක බිත්ති පෙරලා ආහාර සොයා ඇති අලියා නිවැසියන් පන්නන විට ඊට මීටර 150 නුදුරින් පිහිටි තවත් නිවසක වහලයකට හානි සිදුකර සෝමාවතී රක්ෂිතයට පලා ගිය බවයි.

කම්හලක දරුණු ගින්නක් 16ක් මරුට

කම්හලක දරුණු ගින්නක් 16ක් මරුට

සීනිපුර ගම්වාසීන් පවසන්නේ ගම වටා ඇති විදුලි වැට ශක්තිමත් නොවීම නිසා එම විදුලි වැට අලින් විවිධ අවස්ථාවලදී හානිකර ගමට කඩා වදින බවයි.

එම ප්‍රදේශයේ පදිංචි කේ.වි. මුතුබණ්ඩාගේ නිවසේ බිත්ති පෙරළීම නිසා නිවසේ විදුලි උපකරණ ඇතුළු ගෘහ භාණ්ඩ රැසකට හානි සිදු වූ අතර සීනිපුර ගම්වාසීන් පවසන්නේ ගම වටා ඇති විදුලි වැට ශක්තිමත් නොවීම නිසා එම විදුලි වැට අලින් විවිධ අවස්ථාවලදී හානිකර ගමට කඩා වදින බවයි.

ප්‍රදේශවාසී කාන්තාවක් වන ඩී.ජී. ඉන්ද්‍රාණිගේ නිවසේ වහලෙට හානි කිරීම නිසා එම නිවසේ ද භාණ්ඩ රැසකට හානි සිදු වී ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් එම නිවැසියන් අග්බෝපුර පොලිසියට ද පැමිණිලි කර ඇත.

මාලිමා මන්ත්‍රීට ගුටි පූජාවක්

මාලිමා මන්ත්‍රීට ගුටි පූජාවක්

අග්බෝපුර පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ කන්තලේ අලි පාලන ඒකකයට දැනුම් දී ඇත.