කම්හලක දරුණු ගින්නක් 16ක් මරුට

Report

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ බංග්ලාදේශයේ ඇඟලුම් කම්හලක ඇති වූ දරුණු ගින්නකින් අවම පුද්ගලයන් 16 දෙනෙකු මිය ගොස් ඇති බවයි.

එම මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බව එරට බලධාරීන් අනතුරු අඟවන අතර ගින්නෙන් සම්පූර්ණයෙන්ම පිළිස්සී ගිය මළ සිරුරු 16ක් සොයාගත් නමුත්, ඒවා හඳුනා ගැනීමට නොහැකි තත්ත්වයේ පැවති බව ගිනි නිවීමේ සේවය සදහන් කර ඇත.

ඉෂාරා සෙව්වන්දි එක්ක එන්න STF ලොක්කෝ දෙන්නෙක් යයි

ඉෂාරා සෙව්වන්දි එක්ක එන්න STF ලොක්කෝ දෙන්නෙක් යයි

ගින්න පැය තුනකට අධික කාලයක් පැවතුණු අතර ඊට අසල පිහිටි රසායනික ගබඩාවක දිගින් දිගටම ගින්න පැවතුණ බවත් මිර්පූර් හි රසායනික ගබඩාවේ ගින්න සම්පූර්ණයෙන් පාලනය කර ගැනීමට නොහැකි බවත් බලධාරීන් සදහන් කරයි.

නමුත් ගොඩනැගිලි දෙකෙන් පළමුව ගින්න හටගත්තේ කුමන ස්ථානයේද යන්න තවම සොයාගැනීමට නොහැකි වූ අතර අනතුරුදායක ලෙස ගිනි තීව්‍ර කළ හැකි බ්ලීචිං පවුඩර්, ප්ලාස්ටික් සහ හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් ගබඩාවේ තැන්පත් කර තිබූ බව වාර්තා වේ.

පස් කන්දක් කඩා වැටී දරුණු අනතුරක්

පස් කන්දක් කඩා වැටී දරුණු අනතුරක්

කම්හලේ සහ ගබඩාවේ අයිතිකරුවන් සොයා ගැනීමට පොලිසිය සහ හමුදා නිලධාරීන් තවමත් උත්සාහ දරමින් සිටින අතර, ගබඩාව නීත්‍යානුකූලව ක්‍රියාත්මක වූයේ දැයි සොයා බැලීමේ විමර්ශනයක් ද මේ වන විට ක්‍රියාත්මක වේ.