ජනපති විසින් නව යුධ හමුදා ප්‍රධානියා පත් කරයි..

Army Sri Lanka Gotabaya Rajapakshe Wikum liyanage
By Aruna Dec 07, 2021 06:52 AM GMT
Aruna

Aruna

Report

මේජර් ජෙනරල් විකුම් ලියනගේ යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි ධුරයට ශ්‍රී ලංකා යුද හමුදාවේ නව මාණ්ඩලික ප්‍රධානියා ලෙස මේජර් ජෙනරාල් විකුම් ලියනගේ පත්කර තිබෙනවා.

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ විසින් සිදු කළ මේ පත්වීම අනුව ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 59 වැනි මාණ්ඩලික ප්‍රධානි ලෙස මේජර් ජෙනරල් එච්.එල්.වී.එම්. ලියනගේ අද (07) දින සිට කටයුතු කරණු ඇති.

ගජබා රෙජිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන මේජර් ජෙනරල් විකුම් ලියනගේ මෙම ධුරයේ රාජකාරි භාරගැනීමට ප්‍රථම ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වෙච්ඡා බලසේනාවේ සේනාවිධායක ධුරය හොබවනු ලැබුවා.

ශ්‍රී ලංකා යුද හමුදාවේ 58 වැනි මාණ්ඩලික ප්‍රධානි ලෙස රාජකාරි කළ මේජර් ජෙනරල් ප්‍රියන්ත පෙරේරා යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම ගැනීමෙන් අනතුරුවයි මේජර් ජෙනරල් විකුම් ලියනගේ එම ධූරයට පත් කෙරුණේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now