හෙල්මට් දාගෙන පයින් එහෙ මෙහෙ ගියොත් පොලිසියට චෙක් කරන්න නියෝහ!

Report

ආරක්ෂිත හිස්වැසුම් පැළඳ සැකකටයුතු ලෙස හැසිරෙන පුද්ගලයින් පරීක්ෂා කළ යුතු බව පොලිස් මූලස්ථානය සියලුම පොලිස් නිලධාරීන්ට උපදෙස් දී ඇත.

මේ සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානය නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දී තිබේ.

ඩෑන්ට වුණ දේ මහින්දට වෙන්න බැරිකමක් නැහැ - මෙන්න අලුත් භීතිය!

ඩෑන්ට වුණ දේ මහින්දට වෙන්න බැරිකමක් නැහැ - මෙන්න අලුත් භීතිය!

පසුගිය කාලයේ දිවයිනේ විවිධ ප්‍රදේශවල සිදුවූ වෙඩි තැබීම්, මිනිස් ඝාතන ඇතුළු අපරාධවලදී, සැකකරුවන් හිස හා මුහුණ ආවරණය වන පරිදි හිස්වැසුම් පැළඳ අපරාධ කර ඇති බව පොලීසිය නිරීක්ෂණය කර ඇත.

හිස්වැසුම් පැළඳීම අවශ්‍ය වන්නේ යතුරුපැදිවල ගමන් කරන අවස්ථාවලදී පමණක් වන අතර, එය රියදුරුගේ හා පසුපස ගමන් කරන්නාගේ ආරක්ෂාව සඳහා පමණි.

‘මුන් ආණ්ඩුව කරන්න දෙන්නෑ.. ජනාධිපතිට අපහාස කරනවා’ - ඩෑන්ගේ ඝාතනයෙන් පසු කංජිපානිගේ හඬපටයක් එලියට!

‘මුන් ආණ්ඩුව කරන්න දෙන්නෑ.. ජනාධිපතිට අපහාස කරනවා’ - ඩෑන්ගේ ඝාතනයෙන් පසු කංජිපානිගේ හඬපටයක් එලියට!

එබැවින්, යතුරුපැදියක ගමන් නොකරන අවස්ථාවක ආරක්ෂිත හිස්වැසුම් පැළඳ සැකකටයුතු ලෙස හැසිරෙන පුද්ගලයෙකු නිරීක්ෂණය වුවහොත්, එම පුද්ගලයාගේ බඩුබාහිරාදිය ඇතුළුව ඔහු පරීක්ෂා කළ යුතු බව පොලිස් මූලස්ථානය සියලුම පොලිස් නිලධාරීන්ට උපදෙස් දී ඇති බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් ය.

මුළු නුවරම කුණු ගොඩක්. මල මුත්‍ර හැම තැනම දළදා කතාවේ ඇත්ත පැත්ත

මුළු නුවරම කුණු ගොඩක්. මල මුත්‍ර හැම තැනම දළදා කතාවේ ඇත්ත පැත්ත