ඩෑන්ට වුණ දේ මහින්දට වෙන්න බැරිකමක් නැහැ - මෙන්න අලුත් භීතිය!
By Shehan
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව අඩු කරමින්, ඔහුට ඩෑන් ප්‍රියසාද්ට සිදුවූ ඉරණමම අත්විඳීමට ආණ්ඩුව පසුබිම සකසමින් සිටින බව ඔහුගේ මාධ්‍ය ප්‍රකාශක නීතිඥ මනෝජ් ගමගේ මහතා පවසයි.
ඔහු මේ බව කියා සිටියේ එම පක්ෂයේ ප්‍රධාන කාර්යාලයේ ඊයේ(23) පැවති මාධ්‍ය හමුවකදීය.
මනෝජ් මහතා සඳහන් කළේ, ඩෑන් ප්‍රියසාද් පාතාල සාමාජිකයෙකු නොව, සිංහල බෞද්ධ මතය වෙනුවෙන් පෙනී සිටි ධෛර්යවන්ත තරුණයෙකු බවයි.
ඩෑන් විසින් අප්‍රේල් 01වැනිදා, එනම් මෝඩයාගේ දිනයේදී, පාර්ලිමේන්තුව ඉදිරියේ කේක් එකක් කපා ආණ්ඩුවට සරදමක් කළ බවත්, ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔහුව කැඳවූ බවත් නීතිඥවරයා සිහිපත් කළේය.
මනෝජ් මහතා චෝදනා කළේ, රටපුරා සිදුවන පාතාල ඝාතනවලට ඩෑන් ප්‍රියසාද්ගේ ඝාතනයද එකතු කරමින් රජය ඒවා යටපත් කිරීමට උත්සාහ කරන බවයි.