ඔබේ ශ්‍රවණාබාධ කලින් හඳුනාගැනීමට අලුත්ම ක්‍රමයක් - දුරකථනයෙන්ම පරික්ෂාවක්

Report

ලොව පුරා බිලියන එකයි දශම පහකට අධික ජනගහනයක් විවිධ මට්ටමේ ඇසීමේ දුර්වලතා සහිතව ජීවත් වන අතර, ඉන් බහුතරයකට මූලික ශ්‍රවණ පරීක්ෂණයක් කර ගැනීමට පවා මෙතෙක් පහසුකම් සැලසී නොමැත.

මෙම බරපතළ ගැටලුවට සාර්ථක සහ ප්‍රායෝගික විසඳුමක් ලෙස, ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ඩබ්ලිව් එච් ඕ ඉයර්ස් නමින් නව ජංගම යෙදුමක් හඳුන්වා දී තිබේ.

මෙම නවතම මෘදුකාංගය නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීම සහ ඒ පිළිබඳව ලෝකවාසී ජනතාව දැනුවත් කිරීම සඳහා විශේෂ ගෝලීය සජීවී වෙබ් සාකච්ඡාවක් පැවැත්වීමට ද මේ වන විට කටයුතු යොදා ඇත.

සුව සැරිය අක්‍රිය කර ඇති බවට පළ වන පුවත් සම්බන්ධයෙන් නිල නිවේදනයක්

සුව සැරිය අක්‍රිය කර ඇති බවට පළ වන පුවත් සම්බන්ධයෙන් නිල නිවේදනයක්

මෙම ඇප් එක සුවිශේෂී වීමට ප්‍රධානතම හේතුව වන්නේ එය ඇන්ඩ්‍රොයිඩ් සහ ඇපල් දුරකථන මෙන්ම ටැබ්ලට් පරිගණක සඳහා ද සම්පූර්ණයෙන්ම නොමිලේ බාගත කර ගැනීමට අවස්ථාව සලසා තිබීමයි.

ටැබ්ලට් පරිගණකයක් සහ සාමාන්‍ය හෙඩ්ෆෝන් යුගලක් ආධාරයෙන්, ඕනෑම නිස්කලංක ස්ථානයකදී ඉතා අඩු පිරිවැයකින් නිවැරදි ශ්‍රවණ පරීක්ෂණයක් සිදු කිරීමට මේ හරහා මනා පිටුවහලක් ලැබේ.

වයස අවුරුදු පහ සහ ඊට වැඩි ඕනෑම අයෙකුගේ ශ්‍රවණ තත්ත්වය ඉතා පහසුවෙන් පරීක්ෂා කිරීම සඳහා අවශ්‍ය පියවරෙන් පියවර උපදෙස් මාලාවක් මෙම ඇප් එක මඟින් අදාළ සෞඛ්‍ය සේවකයා වෙත සවිස්තරාත්මකව ලබා දෙයි.

ලෝකයම මඟ බලපු ආරංචිය මෙන්න - ඉරානයේ න්‍යෂ්ටික අවි ගැන ප්‍රකාශයක් - අමෙරිකාව උත්තරීතර නායකයා සමග සාකච්ඡා?

ලෝකයම මඟ බලපු ආරංචිය මෙන්න - ඉරානයේ න්‍යෂ්ටික අවි ගැන ප්‍රකාශයක් - අමෙරිකාව උත්තරීතර නායකයා සමග සාකච්ඡා?

සෞඛ්‍ය ක්ෂේත්‍රයට අතිශය වැදගත් වන මෙම සුවිශේෂී ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීම සඳහා උපකාරක තාක්ෂණය පිළිබඳ ගෝලීය හවුල්කාරිත්වය වන ඒ ටී ස්කේල් සංවිධානයේ පූර්ණ මූල්‍ය හා තාක්ෂණික සහයෝගය ලෝක සෞඛ්‍ය සංවිධානය වෙත ලැබී තිබේ.