සුව සැරිය අක්‍රිය කර ඇති බවට පළ වන පුවත් සම්බන්ධයෙන් නිල නිවේදනයක්
1990 හදිසි ගිලන්රථ සේවාව (සුව සැරිය) අක්‍රිය කර ඇති බවට සමාජ මාධ්‍ය වාර්තා ප්‍රතික්ෂේප කරමින්, දිවයින පුරා මෙහෙයුම් අඛණ්ඩව සිදුවන බව අවධාරණය කරමින් එහි කළමනාකාරිත්වය අද (03) නිවේදනයක් නිකුත් කර ඇත.
ඒ අනුව සභාපතිවරයා ඇතුළු අධ්යක්ෂ මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ සංසරණය වන පළ කිරීම් "සම්පූර්ණයෙන්ම අසත්‍ය" සහ මහජනතාව නොමඟ යවන සුළු බවටයි.
එසේම ඔවුන් අවධාරණය කර ඇත්තේ සුව සැරිය දිවයින පුරා සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක වන බවත්, වැඩිදියුණු කළ කාර්යක්ෂමතාවයකින් යුතුව සුපුරුදු ආකාරයෙන් සේවාවන් සපයන බවත් ය.
එමෙන්ම හදිසි ගිලන්රථ සේවාව අනාගතයේදී බාධාවකින් තොරව ක්‍රියාත්මක වන බවට කළමනාකාරිත්වය තවදුරටත් සහතික වී ඇත.
ශ්‍රී ලංකා පොලිසියෙන් විශේෂ නිවේදනයක් - අලුත් නිළධාරීන් සේවයට බඳවාගැනීම ආරම්භයි - අසත්‍ය තොරතුරු පිළිබද අවදානමක්